Gossip

අමෙරිකානු විද්‍යාඥයින් ලොව මවිත කරයි – ප්‍රථම නල සුනඛ උපතින් පැටවුන් 7ක්

2 3 4 5 6 7  9

ලොව ප්‍රථම නල සුනඛ උපත සිදු කළ බව අමෙරිකානු විද්‍යාඥයන් පවසනවා. වසර කිහිපයක සිට දැඩි පරිශ්‍රමයකින් සිදුකළ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස එය සාර්ථක වූ බව එම විද්‍යාඥයින් පිරිස පවසා තිබෙනවා.

IVF in-nitro fertilisation අයි. වී. එෆ්  තාක්ෂණය අනූව බීගල් ලැබ්රඩොර් සහ කොකර් ස්පැනියල් වර්ගයේ සුනඛයන්ගේ ශුක්‍රාණු සහ ඩිම්බ සංයෝගයෙන් මෙම සුනඛ උපත සිදුකර තියෙනවා.

එම කලල තවත් සුනඛ බැල්ලියකගේ ගර්භාෂයේ තැන්පත් කර මෙම සුනඛ පැටවුන් බිහිකර තිබෙනවා. අමෙරිකානු විද්‍යාඥයින් විසින් කළ කෘතිම නල උපත් සංසේචනය මගින් බලු පැටවුන් 7 දෙනෙකු උපත ලබා ඇති අතර එය සිදුව ඇත්තේ පසුගිය  ජුලි මාසයේදී බවද වාර්තා වෙනවා.

මෙම සොයා ගැනීම නිසා වඳ වී යන සුනඛ විශේෂ රැක ගැනීමට හැකි වන බව ඇමරිකා එක්සත් ජනපදයේ කෝනෙල් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම කියනවා. එසේම ප්‍රවේණි රෝගාබාධ නැති කිරීමට ඉන් හැකි වන බවද පර්යේෂකයින් පවසා තිබෙනවා.

ඒ ගැන කෝනෙල් විශ්වවිද්‍යාලයේ ප්‍රජනන ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඇලෙක්සැන්ඩර් ට්‍රැවිස් පවසා තිබුණේ මේ වගේ කතාවක්.

“මෙම සංසේචන ක්‍රියාදාමය ඉතා ප්‍රබලයි. එමගින් වඳ වී යන සුනඛ විශේෂ රැකගන්න පුළුවන්. අයි.වී.එෆ් තාක්ෂණය අපේ සුරතල් සතුන්ගේ සෞඛ්‍යයට ඉතා වැදගත්. මෙමගින් රෝග කාරක ජාන හඳුනා ගෙන ප්‍රතිකාර කිරීමට හැකියාව ලැබෙනවා.’
IVF තාක්ෂණය යනු නළ දරු තාක්‍ෂණය ලෙස කෙටියෙන් අර්ථ දැක්වෙනවා.

ගර්භාෂයේ යම් යම් සංකූලතා හේතුවෙන් දරුවන් බිහි කිරීමට කළ නොහැකි කාන්තාවන්ට පහසුවක් වීම සඳහා එම කාන්තාවන්ගේ ඩිම්බ හා පුරුෂයින්ගේ ශුකාණු පරීක්ෂණ නලයකට ගෙන එමගින් නිර්මාණය වන කලලය තවත් කාන්තාවකගේ ගර්භාෂයේ තැන්පත් කර දරුවෙකු බිහිකර ගැනීම මෙම ක්‍රියාවලිය මගින් සිදුවෙන බව පැවසෙනවා.

පැලෝපීය නාල අවහිරතාවය, පැලෝපීය නාල ආසාදනයට පත් වීම, පැලෝපීය නාල ඇලී තිබෙන අවස්‌ථාවන් සහ ශුක්‍රාණු ගිණුම පිළිබඳව තිබෙන්නා වූ ගැටළු නිසා දරු ගැබ් පහල නොවන විට මෙම තාක්‌ෂණය in – vitro fertilation හෙවත් IVF යොදා ගැනීමට අඹුසැමියන්ට වෛද්‍යවරුන් විසින් උපදෙස්‌ ලබා දෙනවා.
IVF in-vitro fertilisation තාක්ෂණය ගැන සඳහන් කිරීමේදී මේ හා සම්බන්ධ ලොව ජනප්‍රියම කතා පුවතක් ඔබගේ දැන ගැනීම පිණිස පහත පළ කෙරෙනවා.

චාල්ස්ගේ හා ඩයනා‌ගේ එක්‌වීමෙන් උපදින කුමාරයා හෝ කුමාරිකාව අනාගත බ්‍රිතාන්‍ය රජ කිරුළේ උරුමක්‌කාරයා වන බැවින් ඒ දෙදෙනාට සෞඛ්‍ය සම්පන්න දරුවන් බිහි කළ හැකිදැයි  එම රාජකීය විවාහයට පෙර දැන ගැනීමට බ්‍රිතාන්‍ය රජ පවුලට උවමනා වුණා.

ඒ අනුව ඩයනාගේ ඩිම්බ සහ චාල්ස්‌ගේ ශූක්‍රාණු සාම්පල් ලබාගත් රාජකීය නාරි හා ප්‍රසව වෛද්‍ය කණ්‌ඩායමක්‌ ඒවා පරීක්‍ෂණ නලයක්‌ තුළදී එකතු කර නිරීක්‍ෂණය කර තිබුණා.

එමගින් සෞඛ්‍ය සම්පන්න දරුවකු බිහිවන බව පසුව නිගමනය කරගත හැකි වූ අතර රාජකීය වෛද්‍ය කණ්‌ඩායමේ සිටි වෛද්‍යවරයෙක්‌ චාල්ස්‌ ඩයනා යුවළගේ ශුක්‍රාණු සහ ඩිම්බ සාම්පල දෙකක්‌ සොරාගෙන නල දරුවන් උපදවන තාක්‍ෂණය යටතේ කලලයක්‌ බිහි කර එය ඔහුගේ බිරියගේ ගර්භාෂයේ තැන්පත් කළා.

අද අමෙරිකාවේ සිටින ‘සාරා කුමරිය’ ඒ ක්‍රියාවලියේදී උපන් දැරිය බවයි GLOBE සඟරාව අනාවරණය කර තිබුණේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!