Gossip

මෙහෙමත් බකමුණෙක් (ඡායාරූප)

අසාමාන්‍ය විශාලත්වයකින් යුක්ත බකමූණෙක් හලාවත – පම්බල ප්‍රදේශයේ පොල් වත්තකට පැමිණ සිටියදී හමුවූ බව අද (21) එම පොල් වත්තේ සේවය කරන චන්දන වික්‍රමසිංහ මහතා පවසනවා.

අත් තටු දිගු කළ විට අඩි 04 කට වැඩි විශාලත්වයක් ඇති මෙම පක්ෂයාගේ බර කිලෝ ග්‍රෑම් 04 කට ආසන්න බව වික්‍රමසිංහ මහතා කියා සිටියි. තමන් මීට පෙර බකමුණන් දැක ඇතත් මේ තරම් විශාල බකමූණෙකු දැක නොමැති බවද පවසන ඔහු එම සතාගේ අත් තටු වල දර්ශණීය වෛරමක් දක්නට ඇති බවද කියයි.
පවසන තොරතුරු අනුව මෙම සතා අටු බකමූණෙකු විය හැකි බවත්, සාමාන්‍යයෙන් මෙම සතා දක්නට නොමැති දුර්ලභ සතෙකු බවත්  දැනගන්නට ලැබෙනවා.

b1 b2 b3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!