Gossip

“මම දික්කසාද වෙලා ඉන්නේ. ඒක ඇත්ත තමයි. මොකක් හරි දෙයක් ලියැවිලා තියෙනවා නම් ඒ දෙයට මම මුහුණ දේවි.” – වොල්ගා කල්පනී

මේ දවස්වල සම්බන්ධවෙලා ඉන්න නිර්මාණ ගැන මුලින්ම කීවොත්?
මම කොහොමත් කාර්යබහුල නිළියක් නෙමෙයි. ඒ වුණාට මේ කාලයේ නාට්‍ය කිහිපයක් යනවා.

සිනමාවට එන්න කැමැත්තක් නැද්ද?
සිනමා නිර්මාණයක් සඳහා දායක වුණා. මෑත කාලයේදී ජයලත් මනෝරත්න මහත්මයා එක්ක නිර්මාණයක් කරන්න හිටියා. එතුමාගේ අසනීප තත්ත්වයත් එක්ක ඒ දේ ටිකක් එහාට මෙහාට වුණා. ඒක මගේ ජීවිතේ අවාසනාවක්.
මම කරන දේ ආසාවෙන් කරන්නේ. සමහර ටෙලිනාට්‍යය තියෙනවා දවසට සීන් 18ත් 20ක් විතර කරපු. නමුත් ඒකට සහය අධ්‍යක්ෂකවරයා හෝ නිෂ්පාදකවරයා කියන්නේ නාලිකාවෙන් ගෙවන ගාන අඩුයි, ඒ නිසා පුළුවන් තරම් අපි වැඩ කරන්න ඕනේ කියලා. මම හිතන්නේ රංගන වෘත්තීය කියන දේ නිදහසේ කරන්න ඕනේ දෙයක්.

චරිතවලට කොටු වෙලාද?
නැහැ. මම ක්ෂේත්‍රයට ආපු කාලේ ඉඳන් මගේ මොකක්දෝ වාසනාවකට මට හම්බවෙන්නේ විවිධ විවිධ චරිත. බොළඳ පෙම්වතිය කියන චරිත මට නිතර ලැබෙන්නේනත් නැහැ. ඒ දේ කරන්න මම ආසත් නැහැ. විවිධාකාර චරිත වගේම තමයි ප්‍රවීණ රංගන ශිල්පි ශිල්පිනියක් එක්ක වැඩ කරන අවස්ථා තමයි මට විශේෂයෙන් ලැබෙන්නේ. ඒකට මම ඉතාමත් කැමැතියි.

නිර්මාණයක් සඳහා වැය කරන මුදල අවම නිසාද මෙවැනි වාතාවරණයක් බිහි වෙන්නේ?
නිෂ්පාදකවරයාගේ අඩුවක් නෙමෙයි මම කියන්නේ. නිෂ්පාදකවරයා අනිවාර්යෙන්ම සාධාරණයි. නිෂ්පාදකවරයාට චැනල් එකෙන් ගෙවන ගාන හරි අඩු වෙනවා.
නිෂ්පාදකවරයා බලන්නේ ඒ වියදම් කරන දෙයට උපරිම දෙයක් කර ගන්නයි. ඒකට අපිට කාටවත් දොස් කියන්න බැහැ. ඉස්සර ටෙලිනාට්‍යයකට නාලිකාවකින් මෙච්චර ගාණක් ගෙව්වා, දැන් ගෙවන්නේ මෙච්චරයි කියලා මම අහල තියෙනවා. හැබැයි ඒ කතා මම දැකලා නැහැ.

ඔබගේ විවාහය බිඳවැටීම ගැන විවිධ තොරතුරු වාර්තා වෙනවා නේද?
ඔව්. මම දික්කසාද වෙලා ඉන්නේ. ඒක ඇත්ත තමයි.

ඔබ දෙපළගේ විවාහ දිවියට ගොඩක් දෙනෙක් ආශිර්වාද කළා සහ කතා කළා නේද?මම ඔය ප්‍රශ්නය ගැන කතා කරද්දී මම කියන්න කැමැති මම දික්කසාද වෙලා කියන දේ විතරයි. එතනින් එහාට ආශිර්වාද කරපු හැමෝටම ගොඩක් ස්තූතියි සහ සමාවෙන්න කියන්න ඕනේ. ඉතින් මොකද කරන්නේ ඒකට. ඒක කර ගන්න බැරි වුණා. ඒක එහෙම වුණා.

නවකයන් ක්ෂේත්‍රයට එකතු වීම ගැන මොකද හිතෙන්නේ?
මමත් බොහොම අලුත් කෙනෙක්. මේ මෑතකදී තමයි මටත් පස්සේ අලුත් කට්ටියක් ආවේ. මම දකින්නේ ගොඩක් දෙනෙක් නිළියෝ කියලා ඔළුව උදුම්මවාගෙන ඉන්නවා.
මම හැම තිස්සෙම කියන්නේ මේ වෘත්තීයට ආදරය, ගෞරවය කරන්න ඕනේ. අපි සෙට් එකට ගියාම දකිනවා පිටපත් එහෙ මෙහෙ දාලා, ඒවා උඩ වාඩි වෙනවා. මම කියන්නේ ඒ සමහර අලුත් අයගේ ගෞරවය නැතිකමයි ප්‍රශ්නයක් විදිහට තියෙන්නේ.
තිසුරි යුවනිකා, ශලනි තාරකා, දිනක්ෂි මට වැඩිය ගොඩක් ප්‍රවීණ අය. මම ක්ෂේත්‍රයට එන්න ගොඩක් කලින් තමයි ක්ෂේත්‍රයට ආවේ. ඒ අය තුළින් මම ඒ ගෞරවය දැකලා තියෙනවා. ඊයේ පෙරේදා ආපු අයගෙන් ඒක දකින්නේ නැහැ. අධ්‍යක්ෂකවරු, නිෂ්පාදකවරු ඒ අයව, නැත්නම් සමහර නාලිකාවලින් ඒ අයව පුම්බනවාද කියලා මට තේරෙන්නේ නැහැ. ඒ අඩුපාඩු අපි අපිම කතා කරලා හදාගන්න ඕනි.

ජීවිතේ බලාපොරොත්තු මොනවාද?
ව්‍යාපාරයක් තියෙනවා පටන් ගන්න. ඒ ව්‍යාපාරයට ලෑස්ති වෙලා ඉන්නේ. ඊට අමතරව මම ආසයි හොඳ වැඩවලට සහභාගී වෙන්න.
ඒ වගේම වොල්ගා කල්පනී කියන නම ඉදිරියෙන් හොඳ නිළියම කියන කෑල්ල ගන්න මම ආසයි හැමදාම. ඒවා කරගෙන පෞද්ගලික ජීවිතේ බොහොම නිදහසේ සතුටින් තමයි කැමැති.

ඉදිරියේදී තනිකඩවම ජීවත් වෙනවාද?
තාම හිතුවෙ නැහැ ඇත්තටම. හැබැයි මම කියන්න ඕනේ ජීවිතේ කිසි කෙනෙක් එක්ක කිසිම තරහක් නැහැ. මම දන්නේ ජීවිතේ කියන්නේ ලියැවිලා තියෙන දෙයට මුහුණ දෙන එක කියලයි. මොකක් හරි දෙයක් ලියැවිලා තියෙනවා නම් ඒ දෙයට මම මුහුණ දෙයි.

ඒ කියන්නේ ජීවිතේ සැලැස්මක් ඇතුව ජීවත් වෙන්න බැහැ කියන එකද?
මම කතා කළේ දෛවය ගැනයි. දෛවයේ සමහර තැන් තියෙනවා අපි කොච්චර උත්සහ කළත් බැරි වෙන දේවල් සහ බැරි වෙච්ච දේවල්.
ඒ වගේ බැරි වෙච්ච දෙයක් තමයි මම පහුගිය කාලේ පසු කළේ. ඉතින් සමහර දේවල් තියෙනවා ජීවිතේ දෛවයේ තියෙන දේවල් වෙනස් කරන්න බැහැ.
අපි ඒකට මුහුණ දෙනවා ඇරෙන්න අපිට වෙන කරන්න දෙයක් නැහැ. ජීවිතේ අපිට මේ ලැබිලා තියෙන දේ අපි බාර ගන්න ඕනා. ඒක තමයි ජීවිතය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!