Gossip

පොහොය දිනවල තැබෑරුම් වැහෙන්නේ නෑ ? බියර් හා වයින් මිලත් අඩුවෙයි?- ඇමති මංගලගෙන් ප්‍රකාශයක්

පොහොය දිනයන්වලදී තැබෑරුම්හල් වසා තැබීම හේතුවෙන් මත්පැන් භාවිතය වෙනදාටත් වඩා ඉහළ ගොස් ඇති බවට හැඟෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

තැබෑරුම්හල් වසා දැමීම නිසා පොහොය දිනයට කලින් දිනයේ වැඩි පිරිසක් පැමිණ මත්පැන් මිළට ගන්නා බවත් ඇතැම් තැබෑරුම්හල් හිමියන් පොහොය දිනයට විකිණීම සඳහා මත්පැන් බෝතල් නිවසට රැගෙන ගොස් වැඩි මිළට විකුණන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

එසේම බියර් හා වයින් මිල සංශෝධනය කිරීම මගින් නීතිවිරෝධි ලෙස ශ්‍රී ලංකාවට මත්පැන් ආනයනය කිරීම අවම කළ හැකි යැයි තමන් විශ්වාස කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේවෙතත් බොහෝ දෙනාට සැක මතුව තිබෙන්නේ අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය නිසා ඉදිරි පොහොය දිනයන්වලදී තැබෑරුම්හල් වසා තැබෙන නීතිය ඉවත් කරන්නේද යන්නයි.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!