Gossip

ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව බලන්න ඇයි මීටර් 20 වගේ පොඩි දුරක් දුවන්න දෙන්නේ – කණ්ඩායමේ කළමනාකරු ගුරුසිංහ කිව්ව කතාව

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් මේ වනවිට විවිධ අදහස් පළවනවා.

ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් කණ්ඩායම් කළමනාකරු අසංක ගුරුසිංහ අදහස් දක්වා තිබෙනවා.

ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව බලන්න ඇයි මීටර් 20 වගේ පොඩි දුරක් දුවන්න දෙන්නේ ?

ඒක මෙහෙමයි. කඩුලු දෙකක් අතර දුර මීටර් 20යි. ඉතිං ක්‍රීඩකයෙක්ට දුවන්න පුලුවන් වෙන්න ඕන ඒ දුර තමයි. ඉතිං ඒකයි අපි ඒ දුර දුවන්න දීලා යෝග්‍යතාව බලන්නේ. අනික පන්දුවක් පසුපස හඹා ගියත් වේගයෙන්ම දුවන්නේ මීටර් 20 පමණ දුරක්.

මොකද්ද මේ යෝග්‍යතා පරීක්ෂණයේ අරමුණ?

මෙහෙමයි. අපි දැන ගන්න ඕන ක්‍රීඩකයන්ගේ යෝග්‍යතාව. එතකොට තමයි පුහුණුකරුවෙකුට වුනත් නිවරැදිව ක්‍රීඩකයන් හදුනාගන්න පුලුවන් වෙන්නේ. ඔවුන්ට ලබාදිය යුතු ව්‍යායාම් පිළිබදව අවබෝධයක් ගන්න පුළුවන් වෙන්නේ එතකොට.

මේ යෝග්‍යතා පරීක්ෂණයෙන් මුල් තැනට ආවේ තරමක් වයසින් වැඩි ජේෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනෙක් කියලා වාර්තා වුණා. ඇයි යොවුන් ක්‍රීඩකයන්ට ඒ තැනට එන්න බැරිවුනේ.

මෙහෙමයි. එතනදි කවුද එක කවුද දෙක කියලා බලන්න බැ. මොකද අපි පරික්ෂණය හතරක් පමණ කරා. ඒ ඒ ක්‍රීඩකයන් විවිධ අන්දමින් තමයි දක්ෂතා දැක්වුවේ.

ඉදිරි සිම්බාබ්වේ සංචාරයේ පුහුණුකරු කවුද?

ඇත්තටම ග්‍රැහැම් ෆෝඩ් මේ දිනවල නිවාඩු ලබාගෙන ඉන්නේ. ඔහු 25 වෙනිදා දිවයිනට එනවා. ඒ අවාම ක්‍රිකට් ආයතනය තීරණයක් ගනි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!