Gossip

සයිටම් ගැන කලා ලොවේ පැයූ සුපිරි තරු කියන කතා මෙන්න – Exclusive

රටේ හැමතැනම කතාවෙන්නේ සයිටම් ප්‍රශ්නය ගැන.
ඉතිං මේ ගැන කලා ලොවේ තරු කිහිපයකගෙන්ම අහලා බලන්න අපි හිතුවා.

රංගන ශිල්පිනී මධූෂා රාමසිංහ

17903424_1672677002749152_8835567362777050759_n
සයිටම් මම කොහෙත්ම අනුමත කරන්නේ නැහැ.
ඊයේ ඇතිවුණු ප්‍රශ්නේ වුණත් එහෙමයි. ආණ්ඩු විරෝධී වෙන්න පුළුවන් නමුත් නීතිය අතට ගැනීම අනුමත කරන්න බෑ.
මර්දනකාරී පියවරවල්වලට යෑම තුලින් කැරලි නිර්මාණයවීමක් වෙන්න පුළුවන්.
ශිෂ්‍ය මර්දනය කිරීම තුලින් කැරලි නිර්මාණය කිරීමට අනුබල දීම මම තරයේ හෙළා දකිනවා.
ජීවිතේට වගකියන්න ඕනේ වෛද්‍යවරු හදදද්දි ප්‍රමිතිය ගැන හිතන්න ඕනේ. පුද්ගලිකද රජයද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. අපි බිහිකරන වෛද්‍යවරයා සුදුස්සෙක්ද කියන එකයි බලන්න ඕනේ.. ඒ වගේම ඔවුන්ට ජීවිතයක් බාරදෙන්න පුළුවන්ද කියන එක.

රංගන ශිල්පිනී තාරු බෝගොඩ

19225132_10209641375819420_5552868602332020728_n
සයිටම් ප්‍රශ්නේ දැන් ගොඩක් කාලෙක ඉඳන් ඇදෙන දෙයක්.
තාම විසඳුමක් දෙන්න බැරි වෙච්ච එක ගැනයි කතා කරන්න ඕනේ.
අන්තිමට ජීවිත නැතිවුණාට පස්සේ මේ දේවල්වලට විසඳුම් හොයලා වැඩක් නැනැ.
ඒ නිසා මේ ගැන වගකිවයුත්තෝ මීට වඩා හිතන්න ඕනේ කියලයි මටනම් හිතෙන්නේ.

රංගන ශිල්පිනී ලක්ෂිකා ජයවර්ධන

10959779_873956669314006_527886909151211067_n
සයිටම් අනුමත කරන්න බැහැ.
හැබැයි හරි අධ්‍යාපනයක් එක්ක පිළිවෙලට ඒ දේවල් වෙනවානම් ප්‍රශ්නයක් නැහැ.
රටේ ලොකු ප්‍රශ්නයක් වුණු සයිටම් ගැටලුවට තාමත් විසඳුමක් නැහැ.
ඒ ගැන හිතුවමනම් තියෙන්නේ කලකිරීමක්. මොනා වුණත් කැරලි ඇතිකරගෙන මේ දේවල්වලට විසඳුම් හොයන්න බැහැ කියන එකත් මතක තියාගන්න ඕනේ..

රූපලාවන්‍ය ශිල්පිනී ගයනි බැට්ස්

18699804_10213396806572566_4526274055534842528_n
කැම්පස් ඩොක්ටර්ස්ලා අවුට් වෙනකොට තියන විභාගෙම සයිටම් අයටත් තියනවනම් ප්‍රශ්නයක් නැහැ..
සයිටම් ගැන මම ලොකු උනන්දුවක් නැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!