Gossip

පෙරහැරට කප් සිටුවා මොහොතයි – කතරගම දෙවියන්ගේ හාස්කම් ඇස්පනාපිට

කතරගම වාර්ෂික පෙරහැර මංගල්‍යය සඳහා කප් සිටුවීමත් සමග පුදබිමේ සිදුවූ හාස්කමක් පිළිබදව වෙබ් ගොසිප් වෙත තොරතුරු වාර්තාවනවා.

එනම් කතරගම පුදබිමෙන් තින්නෝරු මතුවීමයි.

තින්නෝරු යනු කතරගම පුද බිමටම සුවිශේෂී වූ පාෂාණ වර්ගයක්.

තින්නෝරු පාෂාණය තිබෙන්නේ කතරගම දෙටගමුව ප්‍රදේශයේ හුණුකැටවල ප්‍රදේශයේයි.

මෙම පාෂාණය වසරේ අනිත් දිනවල පොළව අභ්‍යන්තරයේ තිබුනද එහි වර්ණය වෙනස්.

කප් සිටවීමෙන් පසු එක සුදු පැහැවී පොළව මතුපිටට පැමිණෙනවා.

මෙය කතරගම දෙවියන්ගේ හාස්කමක් ලෙසයි සැලකෙන්නේ.

මෙම තින්නෝරු දිවයිනේ සෙසු ප්‍රදේශ වල පිහිටි දේවාල වලටද රැගෙන යනවා.

තින්නෝරු කැණීම් සදහා එක්වන පුද්ගලයන්ට ආයුධවලින් කිසියම් තුවාලයක් සිදුවුව හොත් තින්නෝරු ස්වල්පයක් එම ස්තානයේ ගෑමෙන් පමණක් එම තුවාලය සුව වන බවටද විස්වාසයක් පවතිනවා.

ඒ කතරගම දෙවියන්ගේ ආශිර්වාදය අනුවයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!