තරු හුට පට

මනූෂ බල්ටියක් ගහයිද? මෙන්න ඇත්ත කතාව

1012187772manusha-nanayakkara

අය වැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමට ඊයේ නොපැමිණ සිටි ගාලු දිස්ත්‍රීක් සන්ධාන මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා ගැන විවිධ වාර්තා පළවෙමින් තිබෙනවා.

ඒ ඒ මහතා වත්මන් ආණ්ඩුවට සම්බන්ධවී නි‍යෝජ්‍ය ඇමති ධූරයක් ගනු ඇතැයි යන කට කතාවයි.

මෙහි සත්‍ය අසත්‍යතාවය කොයි හැටි වෙතත් මනූෂ නානායක්කාර මහතා පමණක් නොව මන්ත්‍රීවරුන් 13 දෙනෙකුම ඊයේ පැවැති ඡන්ද විමසීමට සහභාගි වී සිටියේ නැහැ.

ඒ අතර හිටපු ජනපති වත්මන් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම ගීතා කුමාරසිංහත් වනවා.

කෙසේ වුවද මනූෂ නානායක්කාර මහතාට පළාත් පාලන හා පළාත් සභා නියෝජ්‍ය අමාත්‍යධූරය ද එම ධූරය දරන කරුණාරත්න පරණවිතාන මහතා මේවන විට හිස්ව පවතින ජනමාධ්‍ය නියෝජ්‍ය ධූරය ද ලැබීමට ඉඩ ඇතැයි මෙම ආරංචි මාර්ග අනාවරණය කරනවා.

කෙසේ වුවද කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නම ද මේ ආකාරයෙන් කතා බහට ලක්වුවත් ඔහු ඊයේ අය වැයට විරුද්ධව ඡන්දය දෙන අයුරු දක්නට ලැබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!