තරු හුට පට

‍වේදනාව ඉවසනු බැරිව වෛද්‍යවරියක දිවිනසා ගැනීමේ කතාව

Hang Book 2

කළුබෝවිල මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරියක තලංගම කලල්ගොඩ සිය නිවසේ කාමරයක විදුලි පංකාවක ගැටගැසූ නයිලෝන් ලණුවක එල්ලී සියදිවි නසාගෙන තිබෙනවා.

පෙරේදා රාත්‍රි මෙය සිදුව ඇති අතර එසේ දිවි නසාගෙන ඇත්තේ තලංගම, කලල්ගොඩ, වීර මාවතේ පදිංචිව සිටි කලනි බුද්ධිමා ජයසිංහ නමැති 36 හැවිරිදි වෛද්‍යවරියකි. මෙම වෛද්‍යවරියගේ සැමියා ද කළුබෝවිල මහ රෝහලේ වෛද්‍යවරයකු ලෙස සේවය කරන බව පැවසෙනවා. මෙම දෙපළට මාස 7 හා අවුරුදු 4 වයසේ පසුවන පුතුන් දෙදෙනකු සිටින බව ද පොලීසිය කියනවා.

සියදිවි නසාගැනීමට මත්තෙන් ඇය අවසන් වරට ලියන ලද ලිපියක්‌ හමුවී ඇති අතර එම ලිපියේ “දරු ප්‍රසූතියෙන් පසු ඇතිවන ප්‍රසව ආතතිය නිසා තවදුරටත් විඳ දරාගත නොහැකිය” යනුවෙන් සඳහන් ව තිබූ බව පොලිසිය පවසනවා. කලල්ගොඩ නිවස වසාදමා මෙම වෛද්‍යවරිය, ඇගේ සැමියා හා දරු දෙදෙනා සමඟ වැඩි වශයෙන්ම සිට ඇත්තේ ගම්පහ ඇති මවගේ නිවසේ බවත් වාර්තා වනවා.

සිද්ධිය වූ පෙරේදා මෙම වෛද්‍යවරිය රෝහලේ සේවය කර දහවල් 1.35ට පමණ තලවතුගොඩ නිවසට යන බව සිය සැමියාට එස්‌. එම්. එස්‌. පණිවුඩයක්‌ මගින් දැනුම් දී තිබෙනවා. බිරිඳ ගම්පහ මහ ගෙදරට එන්නට රෑ බෝවීම ගැන සැක සිතූ වෛද්‍යවරයා කලල්ගොඩ නිවසට ගොස්‌ නිවසේ දොර ඇර කාමරයට ගොස්‌ බැලීමේදී බිරිඳ විදුලි පංකාවේ එල්ලී සිටිනු දැක ඔහු මේ ගැන ප්‍රදේශවාසීන්ට හා පොලිසියට දැනුම් දී තිබෙනවා.

ඒ අනූව කඩුවෙල වැඩබලන මහෙස්‌ත්‍රාත්වරයා සිද්ධිය වූ ස්‌ථානයට පැමිණ මූලික මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය පවත්වා ඇති අතර දිවි නසාගත් වෛද්‍යවරියගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී සිදුකිරීමට කටයුතු යොදා තිබුණා. මේ පිළිබඳව තලංගම පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!