Gossip

කම්සැපට ලොල් වුණු තරුණ බිරිය සැමියව මරන්න ගිහින් කොටුවෙයි

cover

අන්තර්ජාලය ඔස්සේ හදුනා ගත් ඉන්දියානු ජාතික පෙම්වතෙකුට වහවැටී තම සමාගම් අධ්‍යක්ෂ සැමියා මරා දමන්නට සැලසුම් කළ බිරියක වැල්ලවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සියල්ලන්ට හොරෙන් ඇගේ වියදමෙන් ඉන්දියානු ජාතික පෙම්වතා ලංකාවට ගෙන්වාගෙන හෝටලයක නතර කර සිටින අතරවාරයේ පාතාල සාමාජිකයින්ට මුදල්ගෙවා සැමියා මරා සියලූ දේපළ අත්පත් කරගැනීමට ඇය උත්සාහ දරා තිබෙන අතර පොලිසිය උපාය දුතයින් යොදවා සියලූ කුමන්ත‍්‍රණ වීඩියෝ ගත කිරීමෙන් පසුව ඇයව අත්අඩංගුවට ගෙන තිබුණා.

දුටු පමණින් සිත් ඇදගන්නා රූපයක් හිමි මෙම කාන්තාව සමග පෙම් සබඳතාවයක් පවත්වා කෝටිපති සමාගම් අධ්‍යක්ෂවරයා ඇයව විවාහ කරගෙන තිබුණි.

ඇය සැමියාට වඩා අවුරුදු 7 කින් ළාබාල බවද කියැවුණා. විවාහයෙන් පසු ඔවුන්ට එක් දරුවෙකුද ලැබුණ අතර එම දරුවා මේ වනවිට ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබයි.

රැුකියාවක්ද නොකරන ඇය සැමියා වැඩට ගොස් දරුවාද පාසල් ගොස් නිවසේ උදය වරුවේ විවේකයෙන් ගත කරන පැය කිහිපයේදී ෆෙස් බුක් පරිශීලනය කිරීමට ඇබ්බැහිවූ අයෙකු බවට දිගුකලෙක පටන් පත්ව තිබුණි.

ෆෙස් බුක් ඔස්සේ ඇයගේ රුව අගයමින් ඇයව වර්ණනා කරමින් පණිවිඩ එවූ තරුණයෙකු ගැන ඇගේ අවධානය යොමුවී ඇත්තේ මීට වසර 6 කට පමණ පෙරදීය. වැඩිදුර සොයාබැලීමේදී ආරෝහ පරිණාහ දේහයෙන් හෙබි මේ කඩවසම් තරුණයා ඉන්දීය ජාතිකයෙකු බව ඇයට සොයාගන්ට ලැබිණි.

ඔහු ඉංග‍්‍රීසි බසින් ඇයව අමතා තිබුණ අතර ඇගේ විස්තරද ඔහුගේ විස්තරද දෙදෙනා ටිකින් ටික හුවමාරු කරගනිමින් හොඳ මිතුරන් බවට පත්ව ඇත. ටික කලක් යද්දී ඔහු පවසා ඇත්තේ ඔබ වැනි රූමත් කාන්තාවකට මෙවැනි මහළු සැමියෙකු සිටීම ගැන පුදුම වන බවයි.

ඔහු ටිකින් ටික ඇගේ සිතට ළංව ඇති අතර ෆෙස් බුක් වලින් චැට් කරනවාට වඩා සජීවිව දැකගනිමින් කථාකිරීමට ස්කයිප් ඔස්සේ දෙදෙනා සම්බන්ධවී ඇත. පසුගිය මාස කිහිපයේදී මේ දෙදෙනා අතර සම්බන්ධය පමණ ඉක්මවා ගොස් තිබුණ අතර ඇය යෝජනා කර ඇත්තේ මට ඔයාව මෙහම දැකල බෑ.ඔයා එන්න ලංකාවට මං වියදම් කරල ඔයාට ටිකට් එක එවන්නම් හෝටලේකුත් ලෑස්ති කරන්නම් ලෙසිනි.

ඒ අනුව පසුගිය අපේ‍්‍රල් 19 වනදා ඔහු ලංකාවට පැමිණ ඇති අතර ඇය නිවසේ රියදුරුට දන්වා ඇත්තේ මගේ යාළුවෙක් රට ඉඳල එනවා අපි එයාව එක්කගෙන ඇවිත් හෝටලේට ඇරලවමු කියාය.

ඇගේ විධානය අනුව රියදුරු කටුනායක ගුවන් තොටුපළට ඇය සමග ගොස් ඇගේ ඉන්දීය ජාතික මිතුරාව රැුගෙන වැල්ලවත්තේ ඇයගේ නිවසට ආසන්නයේ පිහිටි හෝටලයකට ඇරලවා ඇත. ඉන්පසු දින කිහිපයේම මෙම සුරූපි බිරිය සැමියා නිවසින් පිටත්වන වේලාවෙන් පසු මිතුරා බලන්නට කියා රියදුරු සමග එකී හෝටලයට ගොස් ඇරලවා ගෙන තිබෙන අතර පැය කිහිපයක්ම එහි ගතකර නැවත නිවසට පැමි”ම සිරිතක් කරගෙන ඇත.

මගේ යාළුවා ගැන හස්බන්ඞ්ට කියන්න  ඕන නෑ යයි බිරිය කියූ විධානය මත රියදුරු මේ සැකසහිත ගමන ගැන කිසිවකත් සැමියාටද කියා නැත.

මේ අතර දින කිහිපයකට පසු හෝටලයෙන් ඇයව නැවත රැුගෙන යන්නට රියදුරු ආ ගමනේදී ඔහුට ඇතුළට එන්නට කියා බිරිය රියදුරුව හිඳුවා වැදගත් දෙයක් කරන්න තියනවා මේක රහසක් යයි කියමින් කථාවක් පටන්ගෙන ඇත

ඇය එම අවස්ථාවේ ඔහුට කියා ඇත්තේ තමා මෙම පෙම්වතා සමග ජීවත්වන්නට තීරණය කර තිබෙන බවත් එයට සැමියා බාධකයක් වන නිසා මරාදමන්නට තීරණය කළ බවත්ය. මේ සඳහා මුදල්  ඕනෑ ප‍්‍රමාණයක් ගෙවන්නට සූදානම් බව රියදුරුට කියූ ඇය පාතාල සාමාජිකයෙකු සොයාදෙන ලෙස ඔහුට පවසා ඇති අතර සියල්ලන්ට හොරෙන් මේ සියල්ල වියයුතු බවත් පවසා රියදුරු අතේ මුදල්ද තබා ඇත.

අනපේක්ෂිත ආරංචිය නිසා රියදුරු කම්පනයට පත්ව ඇත. ඔහු නිවසටත් ගොස් මේ ගැන බොහෝ කල්පණා කර ඇත. අවුරුදු 14 ක් තිස්සේ මෙම නිවසේ ස්වාමියාගේ විශ්වාසය දිනාගෙන රියදුරු ලෙස සේවයේ යෙදුණු ඔහු ස්වාමියා මරාදමන වැඬේට හවුලක්වන්නට බැරි බව අවසානයේ තනිව තීන්දු කර ඇත.

ඔහු පසුදා බිරිය කියූ සියලූ දේ සැමියාගේ කණේ තබා ඇත්තේ රහසේය. මේ ගැන කුමක් කළ යුතු දැයි සිතූ සැමියා මෙය බිරියගෙන් විමසන්නට නොයා කෙලින්ම පොලිසියට ගොස් කළ යුත්ත තීරණය කරන්නට ඉටාගෙන ඇත.

වැල්ලවත්ත පොලිසියේ නිලධාරීන් හමුවූ සැමියා සහ රියදුරු සියලූ තොරතුරු ගැන පැවසීමෙන් පසු මෙය සූක්ෂ්ම ලෙස කොටුකරගත යුතු කුමන්ත‍්‍රණයක් බව පවසා ඒ සඳහා උපාය ¥තයින් යොදවන්නට තීරණය කර ඇති අතර රියදුරුට හා සැමියාට පවසා ඇත්තේ නිවසට ගොස් කිසිවක් නොවූ ගාණට සිටින ලෙසයි. ඒ අතරම රියදුරුගෙන් පාතාල සමාජිකයා ගැන විමසුවොත් පොලිසියේ උපාය දුතයා ගැන තොරතුරු සපයන්නටද උපදෙස් දුන්නා.

ඒ අනුව පසුදා බිරිය රියදුරුගෙන් පාතාල කාරණාව විමසූ පසු ඔහු පාතාල වෙසින් පැමිණි උපපොලිස් පරීක්ෂක පොලිස් නිලධාරියාව ඇයට රහසේ මුණගැස්සුවා. ඇත්තටම මිනීමැරුම් කොන්ත‍්‍රාත්කරුවෙකු යයි එම තැනැත්තාට රැවටුණ බිරිය ලක්ෂ 2 ක මුදලකට සැමියා මරාදමන්නට ඔහු සමග කථීකාකරගෙන රුපියල් පන්දාහක අත්තිකාරමක්ද ගෙවා ඇත.

සැමියා මරාදමන්නට නම් ඔහුට විසක් කැවිය හැකි බවත් නොඑසේ නම් ඔහුගේ වාහනය තවත් එකකින් හැප්පිය හැකි බවත් ආදී ලෙස උපායන්ද ඇය යෝජනා කර ඇති අතර මිනීමැරුමට පෙර ඔහුව හඳුනාගන්නේ කෙසේදැයි ඇසූ විට සැමියාගේ අලූත්ම ඡුායාරූපයක්ද ඔහු අත තබා ඇත.

මේ සියලූ කුමන්ත‍්‍රණ කතා කාරණා වීඩියෝ කරගත් පොලිස් නිලධාරීන් එම සාක්ෂි මත ඇයව පොලිස් අත්අඩංගුවට ගන්නට අනතුරුව ක‍්‍රියා කළා.

 

උපුටා ගැනීමකි

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!