Gossip

ඔබටත් මේ SMS පණිවිඩය පැමිණියාද? මුදල් ගසාකන මේ මුලාවට ඔබත් හසුනොවන්න!

cover

ලෝකයේ දියුණුවත් සමඟ  මේ වන විට  සෑම පුද්ගලයෙකු වගේම   ඉතාමත්   කෙටි ක්‍රම හරහා මුදල් සොයන්න පුරුදු වෙලා තියෙනවා.‍

ඒ කෙටි මාර්ග හරහා මුදල් සොයන ගොඩක් අය ඒවා  නිත්‍යාණුකූල විදියට කරගෙන යනවා.  ඒ වගේම    ඇතැම් දේවල් නීත්‍යාණුකූල නෑ.

කොහෙම වුණත් මේ වගේ වංචා සහගත දේවල්  මේ වන විට අන්තර්ජාලය හරහා ලෝකයපුරා   රාශියක් සිදුවෙමින් පවතිනවා.

ඔන්න දැන් ලංකාවවෙත් මේ වන  විට ඉතාමත් සූක්ෂම අයුරින් මුදල් වංචා‍  කරන සිද්ධියක් ගැන වෙබ් ගොස්පි වෙත වාර්තා වෙනවා.

මේ දේවල් අපි ඔබලාට කියන්නේ.   මේ වංචා‍වට අහුවෙන්න එපා කියලයි.

මොකද මේ සිද්ධියට අහුවුණු ගොඩක් දෙනෙක් මේ වන විට ඉන්නවා කියලා නම් අපි දන්නවා.

සිද්ධිය මේසේය.  ඔබගේ ජංගම දුරකථනයට ඇතැම් අවස්ථාවලදී ” The bank informs you that if you do not call u 0025778004105 your gift will canceld & tranfer” යනුවෙන් කෙටි පණිවිඩ යොමු වේවි.

එම පණිවිඩිය දුටු සැණින් අනිවාර්යයෙන්  අදාළ අංකයට ඇමතුමක් ඔබ ලබගන්නවා නියතයි.

එම අංකයට ඇමතුමක් ලබා ගත් සැණින් ඔබගේ ජංගම දුරකකනයේ ඇති මුදල් විශාල ප්‍රමාණයක්  අඩුවෙනවා කියලා අපට දැනගන්න ලැබෙනවා.  මෙය ඉතාමත් සූක්ෂම අයුරින් සිදුකරන ජනතාව මුලා කිරීමකි.

ඒ වගේම ” Please call urgent” යනු‍වෙන් ද සඳහන් කරමින් කෙටි පණිවිඩ ඔබ වෙත යොමු වේවි.  කිසිදු අවස්ථාවක  ‍එම දුරකථන අංක වලට ඇමතුම් ලබා ගැනීමෙන් වලකින්න.

අදාළ කෙටි පණිවිඩ පහතින් නරඹන්න

1 2 3

 

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!