Gossip News

Whatsapp-Viber-Facebook භාවිතය අත්හිටුවයි

සියලු සමාජ ජාල මාධ්‍ය තාවකාලිකව අවහිර කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඊයේ ප්‍රදේශ කීපයක ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය සමඟ සමාජ මාධ්‍ය තුළින් පැතිර යන අසත්‍ය ප්‍රචාරයන් හේතුවෙන් හා ඇතිව තිබෙන තත්ත්වය පාලනය කිරීම හේතුවෙන් මෙලෙස සමාජ ජාලා අවහිර කර තිබෙනවා.

කෙසේ වෙතත් හලාවත නගරයට අද(13) අලුයම 4 දක්වා පැනවු පොලිස් ඇඳිරි නීතිය හා කුලියාපිටිය,බිංගිරිය, දුම්මලසූරිය පොලිස් බල ප්‍රදේශය ‍අද උදෑසන 6 දක්වා පොලිස් ඇඳිරි නීතිය මේ වන විට ඉවත් කර තිබෙනවා.

ඊයේ දහවල් 12.30ට පමණ හලාවත නගර‍යේ ඇති වු නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහා පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබීය.

ජාතීන් අතර අසමගිය ඇතිකරන ආකාරයේ ප්‍රකාශයක් යම් පුද්ගලයෙකු විසින් සමාජ ජාලා මාධ්‍යයට මුදා හැරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් විරෝධය පල කිරීමත් සමඟ මෙම නොසන්සුන්කාරී තත්ත්වය හට ගෙන තිබේ.

පසුව මෙයට අදාළව එක් සැකකරුවෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර, අද අළුයම 12.15 ට පමණ කුලියාපිටිය,බිංගිරිය, දුම්මලසූරිය පොලිස් බල ප්‍රදේශයන්ට ද පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවේ ඇති වු නොසන්සුන්කාරී තත්ත්වයක් පානය කිරීම සඳහාය.

කෙ‍සේ වෙතත් ඇඳිරී නීතිය කඩ කරන පුද්ගලයින් හට දැඩිව දඬුවම් පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

මේ වන විට ඉහත පොලිස් බල ප්‍රදේශයන්ගේ තත්ත්වය යථා තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!