Gossip

VPN භාවිතා කරපු ලක්ෂ සංඛ්‍යාත පිරිසට රතු එළියක්

අනාරක්ෂිත VPN භාවිතය හේතුවෙන් මෙරට ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ පුද්ගලික දත්ත අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බව සයිබර් ආරක්ෂණ විශේෂඥයන් පවසනවා.

සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යලංකාර මහතා පැවසුවේ, පසුගිය කාලය තුළ බොහෝ පිරිස් VPN හරහා සමාජ ජාල මාධ්‍ය භාවිත කළ බව ය.

විදුලි සංදේශ නියාමන සභාවේ දත්ත අනුව පුද්ගලයින් 880,000ක පමණ පිරිසක් මෙලෙස VPN භාවිත කර තිබෙනවා.

මෙලෙස VPN භාවිත කිරීම තුළින් තමන්ගේ පෞද්ගලික තොරතුරු මෙන් ම බැංකු තොරතුරු ද අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බව අසේල වෛද්‍යලංකාර මහතා සඳහන් කළා.

තවදුරටත් පුද්ගලික දත්ත අනාරක්ෂිත වීමෙන් වැළැක්වීම සඳහා කඩිනමින් තම ජංගම දුරකතනයෙන් VPN APP ඉවත් කරන ලෙස ද ඔහු පෙන්වා දෙයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!