Gossip

දින ගණනාවක් තිස්සේ දූෂණය කර මරා දැමූ පුංචි දියණිය ගැන සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කෝලි හඬ අවදි කරයි – වීඩියෝ

අසීෆා නම් 8 හැවිරිදි දැරියක් සමූහ දූෂණයට ලක්කර මරාදැමීමේ සිද්ධිය ගැන ලොව පුරා අවධානය යොමුව තිබෙනවා.
කාෂ්මීරයේ හිමාලය ප්‍රදේශයේ එඩේර පවුලක හැදී වැඩුණු 8 හැවිරිදි දැරිය අතුරුදන් වුණේ පසුගිය ජනවාරි මාසයේදී.
ඊට දින කිහිපයකට පසුව දියණියගේ සිරුර කතුවා නගරය අසල කැලෑවක තිබියදී සොයාගැණුනා.
මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට හින්දු භක්තිකයන් 8 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර එයට එරෙහිව හින්දු කණ්ඩායම් විරෝධය පලකිරීමත් සමග මෙම සිදුවීම ගැන වැඩි කතාබහක් ඇතිවුණා.
මෙම පුංචි අසීෆා දින ගණනාවක් තිස්සේ දූෂණය කර වධදී මරාදමා ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහරිමින් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි විමසා තිබුණේ තමන්ගේ පවුලේ අයෙකුට මෙවන් ඉරණමක් අත් වුවහොත් නිශ්ශබ්දව බලා සිටිනවා ද යන්නයි.
මෙවන් සමාජයක ජීවත් වීම ලැජ්ජාවක් බව ද ඔහු එම වීඩියෝවේදී කියා සිටිනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!