Gossip

Made In Sri Lanka කියලා කියන්න පුළුවන් කාර් එකක් දැන් අපිටත් තියෙනවා – ලංකාවේ සුපිරි මොළකරුවන්ගේ සුපිරි නිපැයුම වේගා – Video

ශ්‍රී ලංකාවේ නව නිපැයුම් කරුවන් සදහාම වෙන්වුණු Trace expert city හිදි අපේම ඉන්ජිනේරුවන් අතින් බිහිවෙන 100% ශ්‍රී ලාංකික, විද්‍යුත් සුපිරි පන්තියට අයත්වන නිශ්පාදනයක් තමයි “වේගා”.
Codegen ආයතනය විසින් තමා මේ සුපිරි කාර් එක නිපදවන්නේ.
මේ කාර් එක නිර්මාණය කිරීම පිටුපස සිටින්නේ ලංකාවේ සුප්‍රසිද්ධ ව්‍යවසායකයෙකු වන හර්ෂ සුභසිංහ මහතායි.
සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ මෘදුකාංග නිශ්පාදනය කරන Codegen සමාගෙම් ප්‍රධාන විධායක නිලධාරියා වන්නේද ඒ මහතායි.
බැටරිය චාර්ජ් කළ පසු 240km දුරක් ගමන් කිරීමේ හැකියා‌ව මෙම විද්‍යුත් කාරයට තිබෙනවා.
ඒ වගේම තත්පර 4 කදී 100 kmphක වේගයක් ලබාගැනීමේ හැකියාව සහ පැයට 240km උපරිම වේගයක් ලබාගැනීමේ හැකියාව තිබෙනවා.
ඒ වගේම දියුණු බ්‍රේක් පද්ධතිය සහ සස්පෙන්ශන් පද්ධතියකින් සමන්විතයි.
මේ සියල්ල පරිගණක ආශ්‍රයෙන් නිවැරදිව ක්‍රියාකරන පද්ධතින් බවයි දැනට වාර්ථා වෙන්නේ.
Lamborgini, Teltra electric super car සමග කරට කර තරග කිරීමේ හැකියාවක් මේ සුපිරි කාර් රථයට තිබෙනවා.
මේ අවුරැද්දේ දෙසැම්බර් වෙනකොට පළමු ප්‍රොටෝ ටයිප් කාර් රථය නිකුත් කරනවා කියලා තමයි දැනට මාධ්‍යට වාර්ථාවෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!