Gossip

“ආදරය කියන්නෙ මොකද්ද කියන එක හරියටම අපි අවබෝධ කරගැනීම ඉතා වැදගත්.” – උපේක්ෂා ස්වර්ණමාලි

උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ කාලයක් රංගන නිසා වගේම දේශපාලනය නිසාත් ලොකු කතාබහක් ඇතිකළ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.
ඇය මවක් වූ පසු උපේක්ෂා රංගනයෙන් තරමක් ඇත් වුණා..
ඉතිං නිහඬව හිටපු උපේක්ෂා සතිඅන්ත පුවත්පතකට මේ විදිහට අලුත්ම විස්තර කියලා තිබුණා.

උපේක්‍ෂා කොහොමද ජීවිතේ?
ඇත්තම කිව්වොත් හරිම කාර්යබහුලයි. දියණියගෙ වයස අවුරුදු දෙකහමාරයි. ඉස්සෙල්ලා වගේ නොවෙයි, දැන් එයා ඔක්කෝම දේවල් බලාපොරොත්තු වෙන්නෙ මගෙන්. ඒ නිසා විවේකයක් නැති තරම්.

මවක සහ බිරිඳක ලෙස ගෙවන ජීවිතය ගැන දැනෙන්නෙ සහ හිතන්නෙ කොහොමද?
මහත්තයා ලබා දෙන සහයෝගය නිසා ගෙදර වැඩ තරමක් පහසු වෙලා. සැමියාගෙ අම්මත් උදව් කරනවා. ගෙදර සහයටත් කෙනෙක් ඉන්නවා. විවාහයට පෙර තිබූ රටාවම තමයි. ෂූටිං නැති දවස අනෙක් ඔක්කොම දවස්වලට වඩා කාර්යබහුලයි.
දරුවාට අලූත් ආහාරයක් පුරුදු කරන්නෙ කොහොමද? එයාගෙ පෝෂණය වෙනුවෙන් කරන්න තියෙන දේවල් මොනවද? ඒ විදියට සෑහෙන දේ ගැන සැලසුම් කරන්න වගේම හිතන්න වෙනවා. ගෘහ ජීවිතය ගෙවෙන්නෙ ඒ විදියටයි.

නැන්දම්මා කොහොමද?
ඇත්තෙන්ම හොඳයි. අපි කොහේ හරි යනවා නම් දරුවා නැන්දම්මා ළඟ හරි අපේ අම්මා ළඟ හරි තියලා යනවා වගේ ආරක්‍ෂාවක් තවත් නැහැ.

අද ආපස්සට හැරී බලද්දී විවාහ ජීවිතය ගැන හිතන්නෙ කොහොමද?
ආදරය කියන්නෙ මොකද්ද කියන එක හරියටම අපි අවබෝධ කරගැනීම ඉතා වැදගත්. අද කාලයේ ජීවත් වන බොහෝ දෙනා ආදරය කියන්නෙ ශෘංගාරයද, නැත්නම් මොකද්ද කියලා තේරුම් ගෙන නැති නිසා තමයි මානසික ආතතිය එක්ක විවාහය සාර්ථකව ගෙන යන්න බැරි වෙලා තියෙන්නෙ. විවාහය සාර්ථකව කරගෙන යාමට පුදුම ඉවසීමක් අවශ්‍යයි. පුදුම අවබෝධයක්, කැපවීමක් අවශ්‍යයි. එය ගැහැණියට කියා විතරක් සීමා වන්නෙ නැහැ. ගැහැනු පිරිමි දෙපාර්ශ්වයටම ලොකු තේරුම් ගැනීමක් අවශ්‍යයි. මොකද දුකක් හරි බෙදා ගන්න එදා වගේ සමාජයක් නොවෙයි අද තියෙන්නෙ. කොහොම වුණත් විවාහයට වාසනාව කියන දේත් බලපානවා. තමන්ගෙ කොටස තේරුම් ගෙන එය හරියට කළොත්, විවාහ ජීවිතය සාර්ථකයි.

උපේක්‍ෂාගෙ ඉවුම් පිහුම් කලාව මොන වගේද?
ලොකුවට බැරි වුණාට කාන්තාවක් හැටියට ඔය මොනව හරි දෙයක් උයාගන්න පුළුවනි. ලොකුවට හුරුවක් නම් ඒ ගැන නැහැ. බත් ව්‍යාංජන සහ විශ්ෂයෙන්ම ‘සුප්’ හදන්න මම හරි ආසයි.

අද දවසේ දේශපාලනය ගැන හිතන්නෙ කොහොමද? අද ඔබ එතැන නොසිටීම ගැන?
දේශපාලනයේ නැති නිසා ඇත්තටම අද මම ඉන්නෙ සැනසිල්ලෙන්. දේශපාලනයට ගිහින් මම ලබා ගත්තෙ ලොකු අත්දැකීමක් විතරයි. අත්දැකීම් නැතිකම තමයි මට තිබුණු ලොකුම පාඩුව. ඒත් ඒ අවස්ථාවේ මම මට හැකි උපරිමයෙන් මගේ සේවය කළා.
ඒ නිසා මට අද ඒ ගැන දුකක් නැහැ. ඒත් මීට වඩා කලාවේ මම ඇති කරගෙන තිබූ පිළිගැනීම යම්තාක් දුරකට අඩාල කර ගත්තා. ඒත් මම වැටුණෙ නැහැ. මම මගේ රංගන ජීවිතයේ හොඳම කාලයේදි දේශපාලනයට ආවේ. විටෙක දේශපාලනය නිසා මට කලාව නැති වුණාදෝ කියන බයකුත් තිබුණා. ඇත්තම කිව්වොත් දේශපාලනයට ගිය නිසා ලැබුණු දේට වඩා නොලැබුණු දේ බොහෝමයි. දේශපාලනය ඇතුළේ හොඳින් හෝ නරකින් කිරීමේ න්‍යාය මට තිබුණෙ නැහැ. පක්‍ෂ භේදයකින් තොරව මගේ ජනප‍්‍රියත්වය පාවිච්චි වීමක් විතරයි එදා සිද්ධ වුණේ.

නැවතත් අවස්ථාවක් ලැබුණොත්?
අවංකවම එන්න නැහැ. ලංකාවේ පවතින දේශපාලන ක‍්‍රමයේ තියෙන්නෙ ගැටලූවක්. තව අවුරුදු 30කින් විතර සමහර විට මේ තත්ත්වය වෙනස් වුණොත් ඒ ගැන උනන්දු වේවි.

එතෙක්?
මොන දේ නැතත් මම දෙනවක හාමිනේ මහත්මිය වගේ ඒ වයස දක්වා මැරෙනකල්ම රඟපානවා.
එහිදී ප‍්‍රධාන චරිතයේ සිටිය යුතුම නැහැ. චරිතය කුමක් වුවත්, මා රංගනයෙන් ලබන වින්දනය තරම් දෙයක් තවත් නැහැ.

ආස නැද්ද පෙම්වතිය වෙන්න ආයෙත්?
ලැබුණොත් ඒ චරිතය බාර ගන්නවා. ඒත් දැන් තියෙන්නෙ තරුණ අම්මලා පෙනී සිටින ටෙලිනාට්‍ය රැල්ලක්.
උපේක්‍ෂාගෙ ගායනයට මොකද වෙන්නෙ?
මම දියණිය වෙනුවෙන් ගීතයක් නිර්මාණය කළා. සංඛ දිනෙත් එය සංගීතයෙන් හැඩගැන්වූවා. ඒක තව ටික දවසකින් රිලීස් වේවි. ඉන්පසු ඉදිරියේදී ගායනය ගැන හිතලා බලනවා

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!