Gossip

“ඉරටත් පළමු ලිප ගින්දර මොලවනවා , කාටත් පසුව රෑ නිදි යහනට යනවා.. චුට්ටක් විතර වේලක් එහෙ මෙහෙ වෙනවා , දාහක් කරන විට කොහොමත් දොස් එනවා”

දියණියකගේ විවාහය කියන්නේ ජීවිතේ වැදගත්ම දවසක්.
ඒ වගේම අම්මා කෙනෙකුගේ හා තාත්තා කෙනෙකුගේ සෙවනේ ඉඳලා තරුණියක් වෙනත් කෙනෙකුගේ සෙවනට යන දවසක්.
ඒ දවස අම්මා කෙනෙකුට සතුට ගෙන එනවා වගේම ඒ සතුට මැද කඳුලකුත් තියෙනවා.
ඒ පුංචි කාලේ ඉඳන් ආදරෙන් හදාගත්තු තරුණියව වෙනත් කෙනෙකුට බාරදීම නිසා.
කොහොම වුණත් එදා ඉඳන් තරුණියකගේ ජීවිතය වෙනස් වෙන හැටි ගැන ලියවුණු අපූරු සටහනක් වෙබ් ගොසිප් පාඨකයින් වෙනුවෙන් අපි මේ විදිහට අරගෙන ආවා.

විවාහයෙන් පසුව අම්මාට ලියම්….

ඉස්සර අහස යට ඉඳගෙන තරු ගැන්න
පුංචිම දෝණි මහ එකියකි දුර ඉන්න
ඩිංගක් ඇවිත් මා අසලින් ඉඳගන්න
අම්මට පුළුවන්ද හවසක මෙහි එන්න

කොච්චර කොහොම ගත කෙරුවත් දවසපුරා
අම්මට ගෙදර ඇවිදින් තතු කියන යුරා
විස්තර වරුණ වෙස් ගෙන සිත් විලස ගිරා
දැන් අද රකිමි නිහඬව යස අයස දරා

වැස්සට ගුලිව ඇති තරමට නිදියන්න
කැස්සට දෙකට සමහන් උගුරක් දෙන්න
දැන් ඇති පුතේ මට පුළුවන්, උඹ යන්න
නුහුරක් නුඹේ සෙවනැලි නැති මඟ ගන්න

ඉරටත් පළමු ලිප ගින්දර මොලවනවා
කාටත් පසුව රෑ නිදි යහනට යනවා
චුට්ටක් විතර වේලක් එහෙ මෙහෙ වෙනවා
දාහක් කරන විට කොහොමත් දොස් එනවා

ඉස්සර නොදුටු කුණු දූවිලි නිවස කොණේ
විස්තර කළ නොහැක දැන් මට හොඳට පෙනේ
අස්කර ගත යුතුය ඒ ගැහැණියක ගුණේ
කොච්චර කෙටිද වෙහෙසද අද දවස අනේ

ඝන කළුවරට හිත ගැස්සෙන වෙලාවට
“අම්මේ” කියා මොරදෙයි හුරු පුරුද්දට
අසරණ කමට මොහොතක වේදනාවට
පුදුමයි දහම හොඳහැටි තේරුණා මට

ලෙන්ගතුකමින් ගෙවනෙමු දින සති නිතර
හරි සුන්දරයි, නැහැ සුසුමන් අපි අතර
කෙතරම් සතුට පිරුණත් අඩුවකි ගෙදර
සිතිවිලි අවසනක නුඹ ලඟ වෙයි නතර

හවසට ගෙදර එමි උදයම වැඩට යමි
නිරතුරු බිරිඳ ලෙස වෙස් ගෙන වෙහෙස වෙමි
එදවස නුඹය අද නුඹ හා සමව එමි
අරුමය නුඹ ගමන නිහඬව පුදුම වෙමි…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!