Gossip

“අපි ඇදුමක් ඇඳලා ලස්සනට ඉන්න ඕනෑනම් ජිම් යන්න ඕනෑ – විවාහය සමඟ ෆැෂන් වෙනස් වෙන්න ඕනෑ නැහැ” – රිතූ ආකර්ෂා

ෆැෂන් ගැන මොකද හිතන්නේ ?
ෆැෂන් ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන්. වයස් භේදයක් නැතුව ෆැෂන් කරන්න පුළුවන්. හැමෝම වගේ මමත් කැමැතියි ෆැෂන් වලට.

ෆැෂන් කියන්නේ කලාවක් කිව්වොත්?
අනිවාර්යෙන්ම ඔව්. ෆැෂන් කියන්නේ කලාවක්. හැබැයි තැනට සුදුසු විදිහට තමන්ට ගැළපෙන විදිහට ඒ දේ කලාවක් කර ගන්න ඕනෑ.

කාන්තාවක් ෆැෂන් කරන්න ඕනෑ කොහොමද?
තමන්ට ගැළපෙන විදියට ෆැෂන් කරන්න ඕනෑ. තමන්ගේ වටපිටාව තමන් යන ස්ථානය ඉන්න ස්ථානය ආදී සියල්ලම පැහැදිලිව දැකලා තමයි ෆැෂන් කරන්න ඕනෑ.

ෆැෂන් කරද්දි කවුරුහරි අනුකරණය කරනවාද?
නැහැ” මම අනුකරණයක් කරන්නේ නැහැ. මම ස්ථානය අනුව තමයි ෆැෂන් කරන්නේ.

ඔබ ෆැෂන් තෝරාගන්නේ කොහොමද?
මම සහභාගී වන ස්ථානය අනුව ඇදගෙන ඉන්න පහසුව බලලා තමයි අඳින්නේ.

පුරුද්දක් විදියට සැලෝන් යනවාද?
අනිවාර්යෙන්ම රංගන ශිල්පිණියක් වුණහම යන්න ඕනෑ. පුරුද්දක් නෙවෙයි වුවමනාවන් නිසා මම සැලෝන් යනවා.

කැමැතිම hair style එක කිව්වොත් ?
මම ගොඩක් කැමැති කොණ්ඩය කඩාගෙන ඉන්න. නැතිතම් පෝනිටේල් එකක් දාගෙන ඉන්න.

ෆැෂන් කරද්දි දිග කොණ්ඩයද ලස්සන කොට කොණ්ඩයද?
ඇත්තටම ඒ දේ කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. මම හිතනවා මට සාමාන්‍ය ගානක කොණ්ඩයක් තමයි ගැළපෙන්නේ කියලා.

පුරුද්දක් විදියට ඔරලෝසු පළදිනවාද?
ඔව්. අනිවාර්යෙන්ම මම ඔරලෝසු පළදිනවා.

ඔරලෝසු ඇදුමින් ඇදුමට මාරු කරනවාද?
මම ගැළපෙන විදියට බඳිනවා. ඩෙනිමට ගැළපෙන විදියට ස්ථානයට ගැළපෙන විදියට ආදී වශයෙන්.

මොබයිල් ෆෝන් එකක් පාවිච්චි කරන්නේ ෆැෂන් එකටද අවශ්‍යතාවන්වලටද?
අවශ්‍යතාවන්වලට.

හැම ගමනකදීම hand bag එකත් වැදගත් නේද?
අපෝ නැහැ” මම හිතන්නේ නැහැ” හැම ගමනකදීම බෑග් එකක් ඕනෑ කියලා. බෑග් එක හරිම අපහසුයි.

ෆැෂන් කරන්නේ ෂොපින් කරලද? නැත්තම් ඉන්ටර්නෙට් එකෙන් ද?
දෙවිදිහටම ෆැෂන් කරනවා.

සෙරෙප්පු වලට තියෙන්නේ මොනවගේ කැමැත්තක්ද?
මම ගොඩක්ම කැමැති ෆ්ලැට් සෙරෙප්පු දාන්න.

සාමාන්‍ය ගමනක් යද්දි අදින්න කැමැතිම ඇදුමක් තියෙනවාද?
ඩෙනිමයි” ටී ෂර්ට් එකයි බාටා දෙකයි.

Wedding එකකට යද්දී අඳින්න කැමැති මොන ඇදුමක්ද?
සාරි එකක් අඳින්න කැමැතියි.

ජුවලරිස් ගැන තියෙන්නේ කොහොම උනන්දුවක්ද?
ජුවලරිවලට කිසිම උනන්දුවක් නැහැ. කරාබු දෙකක්වත් දාන්න කැමැති නැහැ.

ෆැෂන් කරද්දි Gym යන්නම ඕනෑද?
Gym යන්නේ ෆැෂන් එකට නෙවෙයි. ජිම් යන එක වෙනමම කලාවක්. අපි ඇදුමක් ඇඳලා ලස්සනට ඉන්න ඕනෑනම් ජිම් යන්න ඕනෑ. ඇඟ ලස්සන වුණහම ෆැෂන් කරහමත් ලස්සනයි.

විලාසිතා කරද්දී වැඩියෙන්ම මැච් කරන්නේ මොන පාටද?
සුදු

ෆැෂන් කරන්න ගිහින් අමාරුවේ වැටිලා නැද්ද?
වැටිලා තියෙනවා. ඇදුම් ඇඳගෙන ගිහිල්ලා ඇඳගෙන ඉන්න බැරුව අපහසුවෙන් ඉන්න වෙලා තියෙනවා. ඒ වගේම හීල් දාගෙන ගිහිං අපහසුවෙන් ඉන්න වෙලා තියෙනවා.

ෆැෂන් කරද්දී ශරීර වර්ණය පිළිබද සැළකිළිමත් වෙන්න ඕනෑද?
අනිවාර්යෙන්ම. සාමාන්‍යයෙන් අපේ ශරීර වර්ණය අනුව තමයි කරන ෆැෂන් එක තෝරා ගන්න ඕනෑ.

හෙයාර් කලර් කරන්න කැමැති නැද්ද?
නැහැ. මම කැමැති නැහැ.

හෙයාර් කලර් කරලම නැද්ද?
කරලා තියෙනවා. ඒත් රංගන ක්‍ෂේත‍්‍රය නිසා දැන් කරන්නේ නැහැ. ලොකු කැමැත්තක් නැහැ.

දිගට අඳින්නද කැමැති කොටට අඳින්නද කැමැති?
මම සාමාන්‍ය ජීවිතයේ මගේ පහසුව නිසා කොටට අඳින්න කැමැතියි. මම කොට ඇදුම් වලට වඩා දිග ඇදුම් වලට ගොඩක් කැමැතියි. ඒත් මට පහසු නිසා මම කොටට අඳිනවා.

ෆැෂන් කරද්දි බලන්නේ පහසුවද සරලකමද?
සරලව පහසුව ඉන්න තමයි කැමැති.

Gym යන එකද හොද කෑම පාලනයද හොද?
කෑම පාලනය 80% ක් තියෙන්න ඕනෑ. ඉතිරිය ජිම් යන එක තමයි.

ටැටූ කියන්නේ ෆැෂන් වලදී අත්‍යවශ්‍යම දෙයක්ද?
නැහැ ටැටූ අත්‍යාවශ්‍යම නැහැ.

විවාහය ෆැෂන් වෙනස් වෙන සාධකයක් කියලා හිතනවාද?
විවාහය සමඟ ෆැෂන් වෙනස් වෙන්න ඕනෑ නැහැ. හැබැයි අපි මවක් වුණහම අපේ ෆැෂන් නොදැනුවත්වම වෙනස් වෙනවා. අම්මා කෙනෙක් විදියට අඳින්න ඕනෑ. විවාහය බලපාන්නේ නැහැ.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!