Gossip

ගායන ශිල්පිනී උපේඛාගේ ලෝකයට එන අලුත්ම කුමාරයා මෙන්න – Photos

දෙරණ Dream Star කිරුළ හිමිකරගෙන රසික හදවත් ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය ගායන ශිල්පිණී උපේකා නිර්මාණි පසුගියදා යුගදිවියට පිවිසුණා.
ඇයගේ ලෝකයට අලුත් කුමාරයෙක් එකතු වෙනවා කියලා දැන් හැමතැනම වගේ කතාවෙනවා.
මේ ඒ ගැන ඇය සතිඅන්ත පුවත්පතකට හෙළි කළ කතාවයි.

අලුත් පදවියක් ලබන්න සූදානම් කියලා ආරංචියි?
ගැහැනු ළමයෙක් විවාහ වෙලා බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. ඉතින් මමත් එය බලාපොරොත්තු වුණා. දැන් මම මවක් වෙන්න සූදානමින් ඉන්නේ.

පුංචි අමුත්තා වෙනුවෙන්ම උත්සවයක් තිබ්බා නේද?
ඒක මාගේ යාළුවෝ මාව පුදුම කරවන්න සූදානම් කරපු උත්සවයක්. ඒක කරන්නෙ ගැහැනු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද කියලා දැනගත්තට පස්සේ.

ඉක්මනින්ම මවක් වෙන්න තීරණය කළේ ඇයි?
අපි හිතුවා ඉක්මනටම අපේ පවුල හදන්න. ඉතින් අපි විවාහ වුණු ගමන්ම දරුවෙක් හදන්න තීරණය කළා.

උපේඛා විවාහ වෙලා මවක් වෙන්නත් සූදානමින්, හරිම කාලෙදි සියල්ල සම්පූර්ණ කරගත්තා කියලා හිතනවාද?
මම හිතන්නෙ ගැහැනු ළමයෙක් විවාහ වෙන්න ඕන අවුරුදු 25ටත් කලින්. මම විවාහ වුණේ 26දී. ඉතින් මම අම්ම කෙනෙක් වෙන්න ඕන කාලය හරි. දරුවට අවුරුදු 20ක් වෙද්දී අපිත් ටිකක් තරුණව ඉන්න ඕනෙ. එතකොට තමයි අපිට එයාලව හොඳට බලාගන්න පුළුවන්.

උපේඛා වැඩිපුරම කැමැති දුවෙක්ටද, පුතෙක්ටද?
අපි දෙන්නම හිතුවේ දුවෙක් වුණත්, පුතෙක් වුණත් කමක් නැහැ කියලා. ඒත් සැමියා නම් පුතෙක්ට ටිකක් ආසාවෙන් හිටියා. ඒත් එයා කිව්වා කවුරු වුණත් කමක් නැහැ කියලා. ඒත් කොහොම හරි පුතෙක්ම තමයි අපිට දැන් ලැබෙන්න ඉන්නේ.

විවාහයට කලින් උපේඛා හුරතලේට දඟකාරව හැදුණු කෙනෙක්. දැන් ජීවිතයේ වගකීම් දරන්න හුරු වෙලාද?
මෙහෙමයි. මම ගොඩාක් දුර හිතන කෙනෙක්. මම කලින්ම හිතුවා මේ මේ කාලෙදී විවාහ වෙලා දරුවො හදලා, එයාලව බලාකියාගෙන වගකීමක් ගන්න ඕනේ කියලා.
ඉතින් ඒ දේවල් හරිම කාලෙදි සිද්ධ වුණා. මට වගකීම් දරන්න පුළුවන්. අවුරුදු 27 වෙද්දී මම අම්මා කෙනෙක්. අවුරුදු 30ට කලින් මම තව බබෙක් හදන්න හිතාගෙන ඉන්නේ.

කොයි කාලෙදිද පුංචි අමුත්තා පවුලට එකතු වෙන්න ඉන්නේ?
අපිට පුතා ලැබෙන්නේ මේ නොවැම්බර්වල.

මේ දවස්වල ගායන වැඩ කටයුතු නවත්තලද ඉන්නේ?
ඔව්. ටිකක් නවත්තලා ඉන්නේ. ඩොක්ටර්ස්ලා කිව්වා මාස හත වෙද්දී හැමදේම නවත්වන්න කියලා.

කොච්චර කාලෙකට පස්සෙද ආයෙත් ක්‍ෂේත්‍රයට එන්නේ?
බබාට මාස 6ක් වෙද්දී හරි ඊට කලින් හරි ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙනවා. එතකම් දුර වැඩ භාර ගන්නේ නැතිව, ඉඳලා හිටලා වැඩවලට සම්බන්ධ වෙනවා.

සද්ද බද්ද නැතිව ඉඳලා ගායනයෙන් අෑත් වෙලාම යයිද?
නැහැ. එහෙම වෙන්නෑ. මම ආදර්ශයට ගන්නෙ ශෂිකා අක්කා සහ උරේෂා අක්කව. එයාලා ගීත ගායනා කරලා එනකම් එයාලගෙ ස්වාමිපුරුෂයෝ බබාලව බලා ගන්නවා. එයාලා වගේ මාත් ඉස්සරහට යන්න උත්සාහ කරනවා.

දැන්ම අලුතින් ගීතයක් කරන්න අදහසක් නැද්ද?
අපේ පවුලට සම්බන්ධ ගීතයක් කරන්න බලපොරොත්තුවෙන් ඉන්නවා. විශේෂයෙන් දරුවා වෙනුවෙන්. එයා ලැබුණට පස්සේ එයා වෙනුවෙන් ඒ ගීතය කරන්න හිතාගෙන ඉන්නේ. චතුරංග ද සිල්වා අයියට තමයි ඒ ගීතයේ වැඩකටයුතු භාරදීලා තියෙන්නේ. අපේ ගොඩක් ගීත කරන්නෙ එයා තමයි. මම එයාට කිව්වා මට මොන විදියෙ ගීතයක්ද ඕනේ කියලා.

උපේඛාට සැමියාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවාද?
ඔව්. කියන්න බැරි තරමේ ලොකු සහයෝගයක් ලැබෙනවා. මම කොහෙවත් යන්න බෑ කිව්වොත් එයා කියනවා ‘නෑ අපි කොහොම හරි යමු. මම ඔයාව එක්කගෙන යන්නම්’ කියලා. මම ඔයාව බලා ගන්නම් කියනවා. මට ගොඩක් ආදරෙයි එයා.
මම සින්දුවක් කියද්දී මට එයාව පේන්නම ඕනෙ. ‘සුපෙම් වී’ ගීතය කියන්නෙ මම එයා දිහා බලාගෙන. එයා හිටියෙ නැත්නම් මම එයාව හොයනවා හැම තැනම.

ඒ කියන්නේ උපේඛාට දැන් සැමියාව නැතිවම බැරි වෙලාද?
ඔව්. මට එයාව නැතුවම බෑ. එයා කොහේ ගියත් මට කියනවා. ෂෝ එකකට ගියාම එයා මාව වීඩියෝ කරන්න එහෙට මෙහෙට යන්නෙත් මට කියලා. ඒ මම එයාව හැම තිස්සෙම හොයන නිසා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!