Gossip

“හැමෝම දන්නවා මට වෙච්ච වැරදි, මං හුඟක් පව් කරන්න ඇති ගිය ආත්මයක”

පුංචි තිරයේ ආදරණීය නිළියක් තමයි උදයන්ති කුලතුංග කියන්නේ.
ඇය පසුගිය කාලේ වැඩිය දකින්න ලැබුණේ නෑ.
ඉතිං උදයන්තිගේ අලුත්ම විස්තර ටිකක් සතිඅන්ත පුවත්පතක පලවෙලා තිබුණා.
මේ එම සටහන…

උදයන්ති පහුගිය කාලේ රංගනයට දායක වුණේ අඩුවෙන් ද?
ටෙලි නාට්‍ය කිහිපයක් සහ චිත්‍රපට දෙක තුනක් තමයි කළේ. තවත් අලුත් ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබිලා තියෙනවා. නමුත් පහුගිය කාලේ ඇත්තටම මහා හුඟක් ආරාධනා ලැබුණෙත් නැහැ.

ඇයි ආරාධනා අඩු?
මෙගා නාට‍්‍ය වැඩියි. අලුත් කට්ටිය හුඟක් ඉන්නවා. ඉතිං ප්‍රේක්ෂකයා වුණත් කැමතියිනේ අලුත් මුහුණු දකින්න. අපි ආපු කාලේ වුණත් එහෙමයි.

උදයන්ති හරිම අවංකයි. සමහරු නං කියන්නේ ආරාධනා හුඟක් ලැබුණා භාරගත්තේ නෑ කියලා?
නෑ ඉතිං මං ඇත්ත කිව්වේ. අපි ආපු කාලෙත් එහෙමයි. ඒක හරි සාමාන්‍ය දෙයක් අපි දැනගන්න ඕන ඉන් පස්සේ හොඳ චරිත තෝරාගෙන නිර්මාණවලට දායක වෙන්න. වෙනසක් ඇතුව ඉදිරිපත් කරන්න රංගනය. එතකොට ප්‍රේක්ෂකයා අතරට ආයෙත් යනවා. එහෙම තමයි ඉතිං.

පහුගිය කාලේ ලංකාවේ හිටියේ නෑ නේද?
ප්‍රසංග කිහිපයකට සහභාගි වෙන්නයි විදෙස්ගත වුණේ. ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක තමයි සංචාරය කළේ.

දැන් දිගටම විදෙස් ප්‍රසංග භාර ගන්නව ද?
එහෙම නෑ.. සුරේෂ් ගමගේ අයියලා කරපු වැඩක් ඒක. මං ඉතිං ආයේ යයිද නැද්ද කියලා දන්නේ නැ ඉතිං.

ඉස්සර නං උදයන්ති ව්‍යාපාර පැත්තට නැඹුරු වුණා. දැන් ඒ හැමදේම අත් ඇරලා දාල ද?
කලාවේ දෙයක්ම තමයි ආයෙත් කළොත් නං කරන්නේ. මොකද දන්නේ නැති දේවල් කරන්න ගිහිං වැරදුනානේ. පාඩුම තමයි ඒ කරපු දේවල්වලින් වුණේ මට.

ඔබ රංගනයට අමතරව දක්ෂතා දක්වන්නේ මොන ක්ෂේත්‍රයට ද?
මට පුළුවන් දේ රඟපෑම තමයි. මට හොඳට නටන්න ගීත ගයන්න බැහැ. නිවේදනය වුණත් ලේසි කියලයි හිතුවට අමාරු දේවල්. දන්නවා වගේ ඉඳන් ඒ දේවල් කරන්න මං කැමති නැහැ. ඒකට දක්ෂතා ඇති අයත් ඉන්නවා, නැති අයත් ඉන්නවා. මට ඒ දේවල් වලට නං හුඟක් ආරාධනා ලැබුණා. නමුත් මං ඒවාට ගියේ නැහැ. මට හිතෙන්නේ මං ඒවාට දක්ෂ නැහැ කියලා.

අවංකවීම නිසා ජීවිතේ මොනවද වෙච්ච වැරදි?
ජනප්‍රියත්වය නිසා හැමෝම දන්නවා මට වෙච්ච වැරදි. වැරදීම් වෙලා තියෙනවා. මං හිත හදාගෙන ඉන්නවා.

වෙච්ච වැරදි නිවැරදි කරගන්න උදයන්ති මොනවද කරන්නේ?
වැරද්දක් වුණයි කියලා අපි දැන ගන්නෙත් හැමදේම වුණාට පස්සෙනේ. ජීවිතේ ඉස්සරහට යනවා. හිතලා වරද්දා ගන්නේ නැහැ කවුරුවත් ජීවිතේ. ඒ නිසා ඉතිං ආයෙත් වරදියි ද මොනවා වෙයි ද කියලා දන්නේ නැහැ ඉතිං. මගේ හිතට එකඟව නං මං කාටවත් වැරද්දක් කරලා නැහැ. වෙලාවකට මට හිතෙනවා ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා.

ගෙදරින් බැනුම් අහන්නේ නැද්ද?
වෙලාවකට මං කන් ඇහෙන්නේ නෑ, ඇස් පෙන්නේ නෑ, ගොළුයි වගේ කාමරේටම වෙලා සද්ද නැතුව ඉඳලා තියෙනවා. මං හුඟක් පව් කරන්න ඇති ගිය ආත්මයක, හැබැයි මේ ආත්මේ නං නෙමෙයි.

ප්‍රශ්න ආවම හිතෙන්නේ නැද්ද වෙන රටක පදිංචියට යන්න?
එහෙම කරන්න පුළුවන්කමකුත් නෑ. අනික මං වෙන රටවලට ගියානේ. මං කැමති ලංකාවට. මං ආස මෙහෙ ඉන්න. මොකද ප්‍රශ්න ආවා වගේම, මට ආදරේ කරන පිරිසකුත් මේ රටේ ඉන්නවනේ, දැක්කම ආදරෙන් කතා කරන ආදරේ කරන. ප්‍රශ්න ආවත් කාලයත් එක්ක මිනිස්සු ඇත්ත දැන ගන්නවනේ. මොකද තමන් නිවැරදි නං කොච්චර ප්‍රශ්න ආවත් ආපිට හැමදේම ලැබෙනවා.

ජීවිතේ පිළිවෙලක් කරගත්තා නං හොඳ නැද්ද?
ම්… ඒකනේ තාම කව්රුත් නැහැනේ.

බොරු කියන්න එපා. කොච්ච්ර යෝජනා එනවද?
ඔව් එනවා. කල්පනා කරලා කරලා කැමති වුණාම ටික දවසක් ගිහිං කවුරුහරි ඒ අයගේ ඔලුවට අනවශ්‍ය දේ දැම්මම ඉතිං ප්‍රශ්න. ඒ ප්‍රශ්නවලට වඩා මට තනියෙන් ඉන්න එක හොඳයි. නැත්නං ඒකත් හිතට වදයක්නෙ. තේරුම් ගන්න හොඳ කෙනෙක් ලැබුණොත් මිසක් නැත්නං මෙහෙම ඉන්න එක හොඳයි. ඉස්සරහට රඟපාන එක තමයි මගේ එකම ආසාව.

ඔය කියන විදිහේ කෙනෙක් හම්බෙලා එයා කිව්වොත් විවාහයෙන් පස්සේ රඟපෑමෙන් ඉවත් වෙන්න කියලා?
මං ඒ ඉල්ල්ලීම ඉෂ්ට කරනවා. මං රඟපාන්න ආසයි. ඒත් මට ආදරේ නං ඒ කැපකිරීම මං කරනවා.

උදයන්ති ඉන්නේ කලකිරීමෙන්ද?
පොඩි කලකිරීමක් තියෙනවා ඇත්තටම.

කලා ක්ෂේත්‍රය ගැන ද? ජීවිතය ගැන ද?
කලා ක්ෂේත්‍රය ගැන නෙමෙයි. ජීවිතේ කලකිරීමක් තියෙනවා. ඒ වගේම ආදරේ ගැන. මට ජීවිතේ ඉතුරුවුණේ කලා ක්ෂේත්‍රයේ අය තමයි මොනදේටත්. කලාව හින්දා තමයි අදටත් මං ඉන්නේ කියලායි මං හිතන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!