Gossip

“පට්ටපල් බොරු ලියන එවුන්ට හෙන හත වැදියන්” ඇමති අජිත් පී පෙරේරාට යකෙක් වැහෙයි – Photos

පසුගිය දවස්වල වගේම මේ දිනවලත් දේශපාලන වේදිකාවේ නිරන්තරයෙන් ඇසෙන දෙයක් තමයි මහා බැංකු මූල්‍ය වංචාව.

ඒ දූෂණ වංචා පිළබඳ පරීක්ෂණ කිරීමට පිහිටුවා ඇති පාර්ලිමේන්තු කෝප් කමිටුවේ සාමාජිකයන් පස්දෙනෙකුම ආන්දෝලනාත්මක පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සමග දුරකතන සංවාද පවත්වා ඇති බවට වූ කතාවත් සමගයි.

ඒ අනුව කෝප් කමිටු සාමාජිකයන් වශයෙන් සිටින අමාත්‍ය දයාසිරි ජයසේකර, රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂන රාජකරුණ හෙක්ටර් අප්පුහාමි යන 05 දෙනා මෙලෙස දුරකතන සංවාද පවත්වා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වාර්තාවේ දැක්වුණා.

කෙසේවෙතත් මේ පිළිබඳව සමාජජාල මාධ්‍යයන්වලත් දැඩි කතාබහක් නිර්මාණය වූ අතර බැඳුම්කර කොමිසමේදී හෙළිදරව් වී තිබුණා යැයි පැවසෙන දුරකථන සංවාදයක් ද හුවමාරු වෙමින් පවතිනවා.

එයට අජිත් පී. පෙරේරා මහතා ද ප්‍රතිචාර දක්වා ඇති බවටද සටහනක් හුවමාරු වෙනවා. එ සටහනට අනුව අජිත් පී. පෙරේරා මහතා කියා ඇත්තේ “පට්ටපල් බොරු ලියන එවුන්ට හෙන හත වැදියන් යනුවෙනි”.

මේ එම සටහනයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!