Gossip

ෆේස්බුක් ආයතනය තහනම් කළ, වෛද්‍යවරයා දැමු ලොවම කතා කළ අමුතු Photo එක මෙන්න

මවක් විසින් දරුවා සිය දෑතින් ම බිහි කළ අයුරු දැක්වෙන ඡායාරූපයක් සම්බන්ධ අමුතුම පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.අදාළ පුවත වාර්තා වන්නේ තායිලන්තයෙන්.තායිලන්තයේ රෝහලකදී අදාළ කාන්තාව විසින් මෙලෙස තම දරුවා සියතින්ම බිහිකර තිබෙනවා.

එම අවස්ථාව කිසියම් අයෙකු විසින් ඡායාරූපයක් ගෙන ඇති අතර එහිදී පසුව වෛද්‍යවරයෙකු විසින් අදාළ ඡායාරූපය ෆේස්බුක් වෙත එක්කර තිබෙනවා.මෙලෙස අදාළ ඡායාරූපය ෆේස්බුක් වෙත එක්කර ඇත්තේ Lin Tzu-hung නමැති වෛද්‍යවරයෙක් විසින්.කෙසේ වෙතත් ඒ සඳහා ඔහු විසින් අදාල කාන්තාවගෙන් අවසර ඉල්ලා ඇති අතර පසුව එම කාන්තාව ඒ සඳහා වෛද්‍යවරයාට අවසර ලබාදුන් බවයි ඔහු සඳහන් කරන්නේ.අනතුරුව කෙටි වේලාවකදී අදාළ ඡායාරූපය සඳහා like දස දහසකට වැඩි ප්‍රමාණයක් ලැබී තිබෙනවා.

ඒ අනුව මෙම ඡායාරූපය පිළිබඳව ලොව පුරා විශේෂ අවධානය යොමුව තිබෙනවා.එම ඡායාරූපයේ අදාළ කාන්තාවගේ රහස් ප්‍රදේශය නොපෙනෙන මුත් ඔහු අදාළ ඡායාරූපය ෆේස් බුක් වෙත එකතු කර ඇත්තේ එහි කිසිදු වෙනස් කිරීමකින් තොරවයි.කෙසේ වෙතත් මේ පිළිබඳව සුවිශේෂ අවධානයක් යොමුකර ඇති ෆේස්බුක් ආයතනය විසින් තීරණය කර ඇත්තේ අදාළ ඡායාරූපය ෆේස්බුක් තුළ තහනම් කිරීමටයි.

ඔවුන් පෙන්වා දී ඇත්තේ අදාළ ඡායාරූපය ෆේස්බුක් කොන්දේසි උල්ලංඝනය කර ඇති බවයි.එම ඡායාරූපය අසභ්‍ය ඡායාරූපයක් බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ. දරුවන් බිහිකිරීමේදී ඇතිවන ප්‍රසව වේදනාව අවම කිරීම සඳහා තායිලන්තයටම ආවේනික වූ ඖෂධ භාවිත කරන අතර එහිදී මෙලෙස මවකට සිදුකිරීමට හැකියාව පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!