Gossip

ඊළඟට අයින් කරන්නේ තාවකාලික පුහුණකරු ද ? ශ්‍රී ලංකා වේගපන්දු පුහුණුකරුගේ ආන්දෝලනාත්මක ට්විටර් සටහන මෙන්න

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (30) සිම්බාබ්වේ පිල සමඟින් පැවති තරඟයෙන් පරාජය වීමත් සමඟ මේ වන විට බොහෝ පිරිසක් ශ්‍රී ලංකා ක්‍රිකට් කෙරේ දැඩි අප්‍රසාදයෙන් පසුවෙනවා.

ඊට මූලිකම හේතුව වී ඇත්තේ ක්‍රිකට් පාලක මණ්ඩලය හා ක්‍රීඩකයින් අතර පවතින මත ගැටුම් වන අතර ඊයේ (30) තරඟයෙන් පසුව ඒ පිළිබඳව ඉඟි පළකරමින් ශ්‍රී ලංකා පිලේ වේග පන්දු පුහුණුකරු ලෙසින් තෝරාගෙන තිබෙන ඇලන් ඩොනල් ඔහුගේ ට්විටර් ගිණුමේ සඳහනක් යොදා තිබුණා.

එයින් කියැවුණේ සිම්බාබ්වේ පිළ තරඟාවලිය ආරම්භ කළ ආකාරය විශිෂ්ට බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ඊළඟට සිදුකරන්නේ තාවකාලික පුහුණුකරු සේවයෙන් ඉවත් කිරීමද යන්න ප්‍රශ්න කරමිනුයි.

මේ පිළිබඳව ඔහුගේ ට්විටර් ගිණුමට බොහෝ දෙනෙකු ප්‍රතිචාර දක්වා තිබුණු අතර ඔහුගේ එම සඳහනෙන් නොකියා කියැවුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඇතුලත ප්‍රශ්න රැසක් පවතින බවදැයි කිහිපදෙනෙකුට ප්‍රශ්න කර තිබුණා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!