ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ට ඉන්ෆ්ලුවන්සා උණ රෝගයක් වැළඳී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
ඉදිරි පැය 48 ඇතුළත විවේක ගන්නා මෙන් ඔහුට වෛද්‍ය උපදෙස් ලැබී තිබෙන බැවින් ඔහුට ඉරිදා (ජුලි 02) ගාල්ලේ පැවැත්වීමට නියමිත සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි දෙවැනි එක් දින තරගයට සහභාගි වීමට නොහැකිවන බවත් පාලක මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා