Gossip

සැබෑ ආදරේ මොකක්ද කියලා කවුරුහරි ඇහුවොත් මෙන්න මේක පෙන්වන්න

ආදරේ කියන්නේ අපි හැමෝවම ජීවත් කරවන අපූරු හැඟීමක්.

මේ හැඟීම වචනවලින් විස්තර කරන්න ගොඩක් අමාරුයි.

ඒත් අද සැබෑ ආදරය තියෙනවද..?

ඒ සැබෑ ආදරය ගැන ලියවුණු අපූරු ලියවිල්ලක් අපිට හමුවුණා.

ඔබත් කියවලාම බලන්න මෙන්න මේකද සැබෑ ආදරය කියන්නේ කියලා.

සුදු මැණිකේ…..
ඇයි සනත් අයියේ…
නංගි…ඔයා මේ තීරණේ ගත්තේ හොදට හිතලාද?
මොන තිරණයද රත්තරං අයියේ..
ඔයාගේ ජීවිතේ සහකාරයා විදිහට මාව තෝර ගත්ත එක
සනත් අයියේ… මං ඒ තීරණේ ගත්තේ හිතලා..ඔය‍ා මගේ හැමදේම..

ඒත්….
මොකද අයියේ.. ඒත් කියන්නේ…
ම…මම කකුල් දෙකම පන නැති අබ්බගාතයෙක් සුදු මැණිකේ..
සනත් අයියේ..ඔයා අබ්බගාත වුනාට අපේ ආදරේ අබ්බගාත නෑ. අපි ශක්තිමත්..
දන්නවා.. රත්තරනේ…ඒත් ඔයාට දුක් විදින්න වෙයි දෙයියෙ‍ා්…..
ඔව්…ඒවාට මට පුළුහන් මුහුණ දෙන්න..ඒත් මං ඔයාව අඩවන්නේ නෑ කියලා පොරොන්දු වෙනවා කවදාකවත්..කෝ .ඔය කදුළු පිහිදන් මෙහාට එන්න…මගේ අහිංසකය‍ා…
#ඇස්_කදුළු_වලින්_තෙත්_වු_ඇය_ඔහුට_මෙසේ_කියයි

රන් කද තාම නුඹ මගේ සෙනෙහෙ දන්නෑද
පෙම් කල කාලේ මැණිකට අමතකව වද
සුවදයි බෝම ඔය මුදු සිත ලගදි මට
දෙපයක් වාරු නැති නුඹ රජ තුමකි මට …
වේලක් නොකා වේලක් හරි කවන්නට
පුළුවන් හිමියනේ සවිමත් මේ අතට
සුසුමක් තරම් වත් බෑ මට දුර යන්න
ජය මංගලන් රංකද අපි දෙදෙන හට …
නුඹ වන් කෙනෙක් මගේ දිවියේ අසම සම
හැමදා සෙනෙහ රංකද මගෙ හිමි සදට
අහසේ ඇතත් තරු අපමණ දිලිහෙන්න
එක පුන්සදයි ඇත්තේ මුළු අහසටම …
වැස්සට පිණිබබා තෙමෙනා පැටවුන්ට
අප්පච්චියෙක් වෙන්නට හැක මය පනට
රන් කිරී කට ගගා නැගිටින පරපුරට
සෙනෙහස කියාදෙමු මය පන අපි හොදට …
දෙනෙතින් ඉගි කලත් මං මගේ හදවතම
නුඹ ලග ලියවෙලා ඉවරයි තුන් හිතම
මගේ හදවතේ ඇවිදින් රජ කුමරු සද
අද සිට නුඹයි හිමිකරු මගේ හදවතම …

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!