අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර විසින් පුත්තලමේ සිමෙන්ති සමාගමේ සේවකයන් පිරිසකට පරුෂ පචනයෙන් බැනවදින වීඩියෝවක් අන්තර්ජාලය පුරාම හුවමාරු වෙමින් තිබුණා.
එම සිදුවීම අපි ඊයේ ඔබවෙත ගෙන ආවා.
මේ ගැන දැනගන්න ඊයේ අපි අමාත්‍ය පාලිත රංගේබණ්ඩාරව සම්බන්ධකරගන්න බැරිවුණත් අද අපිට පුළුවන් වුණාම එතුවාම සම්බන්ධ කරගන්න.
මේ සිද්ධිය ගැන අමාත්‍යවරයා කිව්වේ මේ වගේ කතාවක්.
“සිද්ධිය දැන් ඉවරයි. පොලිසිය රාජකාරිය කරලා තියෙනවා. මම ගැහුවා ගැහුවා කිව්වට කෝ පැමිණිලි. එහෙමනම් පොලිසියේ පැමිණිල්ලක් දාන්න තිබුණනේ.
මේ පැත්තේ 3000 ක් විතර වැඩ කරන කර්මාන්තශාලාවක්. මේකේ දීලා තිබුණු ටෙන්ඩරයක් අලුත් කෙනෙක් ගත්තා කියලා තමයි කාටවත් වැඩට එන්න දෙන්නේ නැතිව මඟ ඉදන් ගහලා තර්ජනය කරන්න පටන් අරන් තිබුණේ.
ඉතිං මම එතනට ගියා. මෙතන මෙගා සෝන් එකක් හදනවා. ඔය වගේ වැඩ වුණාම ආයෝජකයෝ එයිද.?
ටෙන්ඩර් එක වෙන කෙනෙකුට දුන්නා කියලා කම්පැනිය දුවන්න දෙන්නේ නැතිලු.
ටෙන්ඩර් එක පැරදුනානම් පැත්තකට වෙන්න ඕනේ.
අපි ඡන්දෙන් පැරදුනොත් බෑ අපිට ආණ්ඩු බලය ඕනේ කියලා ඉන්න පුළුවන්ද..
ඒක කතා කළාම ගමට එන්න දෙන්නේ නෑ කියලා සද්දේ දානවා.
මේ අය චණ්ඩි බලයෙන් තමයි කාලෙක ඉදන් මේක කරගෙන ගිහින් තිබුණේ. පුත්තලම පොලිසියේ පැමිණිලි 15 ක් තියෙනවා.
බලය තක්කඩිකම් පාවිච්චි කරන්න බැහැ දැන්. අගමැතිවරු ඇමතිවරු දැන් උසාවිවලට යනවා. එතකොට මේ වගේ රස්තියාදුකාර වැඩ වෙන්න දෙන්න බෑ.
දැන් මේ ප්‍රශ්නේ ඉවරයි. පොලිසිය අත්අඩංගුවට අරගෙන තියනවා කට්ටියක්.
අමාත්‍යවරයා ඊයේ එම ස්ථානයට ගිහින් හැසිරුණු ආකාරය දැක්වෙන වීඩියෝව පහතින්..
“කාටද ඕනේ සාධාරණේ.. වරෙල්ලා එක එකා.. නැත්නම් දෙක දෙක තුන තුන වරෙල්ලා. වරෙන් බලන්න.. වීඩියෝ කරපන්.. වැදගත් විදිහට කතා කරලා බේරගන්න ඕනෙනම් ඒ විදිහට එන්න.. බබ්බු ගහනවා වීඩියෝ කරලා.. ගහන්න නෙවෙයි කතාකරන්න ආවේ, තමුසෙලා තමයි මෙතන ගහලා තියෙන්නේ.. මේක බහුජාතික සමාගමක්.. තමුසෙලා මෙතන පිස්සු නටනකොට හරිද.. ගිනි තියාගන්නවනම් ගිනිතියාගන්නවා ගෙදර ගිහින්.. මෙතන පිස්සු නැටුවාම ආයෝජකයෝ එන්නේ නෑ.. මම දුන්නු පොරොන්දුවක් තියෙනවා.. මෙතන සෙල්ලම් දැම්මොත් රංගේ බණ්ඩාරත් බහිනවා.”