Gossip

ආදරය කියන්නේ මුහුණේ අලංකාරය හෝ බාහිර සුන්දරත්වය නොවේ. එය ආත්මීය සම්බන්ධතාවයක්, මම දන්නවා ඉදිරියේදී මම ඇයට තවත් ආදරය කරන බව

ආදරේ කියන්නේ සුන්දර හැඟීමක්.

ඒ හැඟීම වචනවලින් කියන්න බැහැ. ඒත් ඒ ආදරේට අද නියම වටිනාකමක් දෙන අය ගොඩක් අඩුයි.

අපි මේ කියන්න යන්නේ රූපයට, බලයට මුදලට යටපත් නොවූ සොඳුරු ආදරය කතාවක් ගැන.

2004 අවුරුද්ද වෙනකොට මට වයස අවුරුදු 17 යි. මම දවසක් දැක්කා අලුත් දැරියක් අපේ පංති කාමරය ඉස්සරහින් යනවා.
මම ඇය දිහා බලාගෙන හිටියා.
ඒ වගේ කෙනෙක් මම කවමදාවත් දැකලා නැහැ.
කාලය ගෙවිලා යද්දි අපි හොඳ යාළුවෝ වුණා.
ඒත් ඇය වෙනත් කෙනෙක් සමඟ ඉන්නවා දකින එක මට හිතට ලොකු කම්පනයක් ගෙනඑන දෙයක් වුණා.
වැඩි කාලයක් යන්න කළින්ම මම ඇයත් එක්ක කතා කරන එක නතර කළා. ඒත් මම එහෙම කතා නොකර ඉන්නේ ඇයි කියන එක ඇය දැනගෙන හිටියේ නැහැ.
විභාගය ඉවර වුණාම මාත් එක්ක කතා කරන්න ඕනේ කියලා ඇය මට පණිවුඩ එවලා තිබුණා.
ඒත් මම ඇය සමඟ කතා කරන්න ගියේ නෑ. පසුව මම විශ්ව විද්‍යාලයට ගියා. නමුත් ඇය වගේ තවත් කෙනෙක් හමු වුණේ නැහැ. ඇයද බංගලාදේශයට ගියා.
2007 අවුරුද්දේ මගේ උපන් දිනය දවසේ මට කෝල් එකක් ආවා. ඒ කතා කරපු කෙනා සුනීතා කියලා හැදින්නුවා.
මගේ හදවත 17 හැවිරිදි වියේදී මා ඇයව දකින කාලයේ මෙන් ගැහෙන්න විය.
මෙම ඇමතුම විනාඩි දෙකක් පමණක් පැවතුණා. නමුත් මට එය සදාකාලික විය. අපේ කාර්යබහුල ජීවිතයත් එක්ක අපි එකිනෙක කතා කලේ කලාතුරකිනි.
2011 නොවැම්බරයේදී මට සුනීතාගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න මිතුරෙකුගෙන් හදිසියේම ඇමතුමක් ආවා.
ඇය කිව්වේ සුනීතට අනතුරක් සිදුවුණා කියලා.
ඇය ඒ වෙද්දි හිටියේ කොයිම්බතුර් වල.
එක්වරම මම ඇයව හමුවීමට යන එක හොඳ නැති නිසා මම දවස් දෙක තුනකට පස්සේ ඇයට ඇමතුමක් ගත්තා.
දුරකථනයට ඇය පිළිතුරු දුන්නත් මට ඒ කටහඬ අඳුනගන්න බැරි වුණා.
පස්සේ මම ඇයව බලන්න යන්න තීරණය කළා.
එවිට මම දැක්කේ හිසකෙස් නැති, විකෘති වූ මුහුණක් සහිත, නාසයක් නැතිව, කට සහ දත් බිඳී 90 හැවිරිදි මහලු කාන්තවක් ලෙස ඇවිදින කෙනෙක්ව.
මම පුදුමයට පත්වෙලා බිම ඇදවැටුණා. එතකොට මට දැනෙන්න ගත්තා මම ඇයට ආදරෙයි කියලා.
එදා රෑට මම එයාට කෙටි පණිවුඩයක් යැව්වා. “ඔයාව බලාගන්න පුළුවන් එකම පුද්ගලයා මම. මම ඔයාට ආදරෙයි. අපි විවාහ වෙමු.” කියලා මම කියලා.
මම ඇයට ඒවෙලේම නැවතත් කෝල් එකක් අරගෙන යෝජනාව ඉදිරිපත් කළා.
ඇය ඒ යෝජනාවට හිනා වුණා. ඒත් මගේ යෝජනාවට ඇය බැහැ කිව්වේ නැහැ.
මුලදී මගේ අම්මා කම්පනයට පත්වූ නමුත් මගේ තාත්තා මගේ පිටුපසින් සිටියා. අවසානයේදී මගේ දෙමව්පියන් මාත් එක්ක හැමදේටම හිටියා.
2012 ජනවාරි මාසයේ සිට, මම ඇගේ සියලුම ශල්‍යකාර්ම සිදු කරන විට ඇය ළඟින් හිටියා.,
ඇය ICU හි පසු පසු අවදි වූ විට ඇය දෙසම බලා සිටියෙමි. අපි එකට ජීවත් වීම ගැන ගොඩාක් දේවල් සැලසුම් කළා. අපේ ජිවිතේ උස් පහත් වීම ආවත්
අපි ඒවා එකිනෙක පසු කර පැමිණියා. මම ඇයට අවශ්‍ය විදිහට මාව පරිණාමය කරගෙන බැංගලෝර් වෙත මාරු වුනෙමි. නමුත් මට මං ගැන ලොකු ආත්ම ශක්තියක් ඇති කරගැනීමට මේ දවල් මට උදව් වුණා.
2014 අවුරුද්දේ ජනවාරි 26 වෙනිදා මම පාන්දර 1 ට බැංගලෝරයට ගියා. එතනදි මම දැකපු දෙයින් මම පුදුම වුණා.
ඇය මට විවාහ යෝජනාවක් ඉදිරිපත් කලා.
එදිනම අපි එන්ගේජ් වුණා..එතැන් සිට අපි අපේ විවාහය සූදානම් වුණා.
ඉකමනින් විවාහය වීමට සිතුවත් බොහෝ ප්‍රශ්න අපේ ජීවිතවල තිබුණා.
ඒ අපිට මුදල් අතින් දියුණුවක් නොතිබීම.
අපේ විවාහය සිදුවන දවස උදේ පාන්දර මම කොට කලිසමක් ගහගෙන ඉදිරිපිට ශාලාව අතුගාමින් සිටියේ.
බොහෝ පිරිස් කෙලින්ම ගිහින් ඇයට කිව්වා කසාද බැන්දට කමක් නැහැ දරුවන් හදාගන්න එපා කියලා.
මොකද ඇයගේ මුහුණේ හැඩරුව ළමයින්ටත් පැමිණෙයි කියලා. මිනිස්සු තවමත් අනුකම්පාවෙන් ඇය දෙස බලා, මම ඇයව විවාහ කර ගැනීමෙන් විශාල දෙයක් කැප කළා යැයි සිතනවා. යථාර්ථය නම්, මගේ ජීවිතයේ ආදරයට මම විවාහ වූ අතර මගේ ජීවිතය වඩා හොඳ විදිහට වෙනස් වුණා.
අද අපිට ලස්සන දරුවන් දෙදෙනෙක් ඉන්නවා.
අද අපි ජීවිතේ ගෙවන්නේ එයාල එක්ක.
අද මම මගේ තරුණ කාලේ ආදර කරපු තරුණියව විවාහ කරගෙන ඉන්නවා.. ඇය මගේ ආදරය බවට පත් වුණා. ආදරය කියන්නේ මුහුනේ අලංකාරය හෝ බාහිර සුන්දරත්වය නොවේ.
එය ආත්මීය සම්බන්ධතාවයක්. මට මගේ තීරණය ගැන සතුටුයි. මම දන්නවා ඉදිරියේදී මම ඇයට තවත් ආදරය කරන බව සහ ඒ ආදරයේ අඩුවක් නොවන බව.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!