Gossip

ආයේ කතා දෙකක් නෑ මම ශනුද්‍රිව තමයි විවාහ කරගන්නේ, මම එයාට එකෙන්ම කැමතියි – Exclusive

කෙනෙකුගේ හදවතක රැදෙන්න පුළුවන්නම් ඒක ලොකු වාසනාවක්.
ඒ විදිහට රසික හදවත්වල සොඳුරු චරිතයක් වෙලා ලොකු ආදරයක් දිනාගත්තු චරිතයක් තමයි චබියා කියන්නේ.
දෙවැනි ඉනිමේ චබියගේ චරිතයෙන් ඔබේ ආලින්දයට එන කනිෂ්ක ප්‍රසාද් සමඟ සුහද පිළිසදරක යෙදෙන්න වෙබ් ගොසිප් අපි හිතුවා.

චබියා කියලා කියනවටද කැමති නැත්නම් කනිෂ්ක කියලා කියන්නද..?
කනිෂ්කනේ නම… චබියා කියලා කිව්වත් කමක් නෑ ඉතිං.. හුඟක් අය දන්නේ ඒ නමින්නේ..

කොහොමද චබියට තියෙන ප්‍රතිචාර..?
චබියට සෑහෙන ප්‍රතිචාර තියෙනවා. හිතුවේ නැති විදිහට අසීමිතව ප්‍රතිචාර ලැබුණා. පටන් ගද්දිනම් හිතුවේ නෑ මේ තරම් චබියව ජනප්‍රිය වෙයි කියලා. සමන් අයියගේ ලියවිල්ල වගේම සාරංග අයියගේ අධ්‍යක්ෂණය නිසා තමයි හැමදේම.

ඇත්තටම කනිෂ්ක පාසල් ජීවිතෙත් චබියා වගේම චරිතයක්ද ඔබ..?
ඔව්.. ඒ වගේම තමයි.. කිසිම වෙනසක් නෑ.. පුල් ෆන් එකේ ඉන්නවා. යාළුවෝ ගොඩක් ආදරෙයි. ඉතිං ඒ ගොල්ලන්ට කරදරයක් වුණාම පැනලා යන්නේ නෑ. අනුහස්ට ගැහුවොත් ගහනවා වගේම තමයි ඉස්කෝලේ කාලෙත්..

දෙවැනි ඉනිම ගැන මොකද හිතන්නේ…?
ලංකාවේ දැනට අංක එකනේ.. විශේෂයෙන්ම ලක්සිරි සර් ගැන මතක් කරන්න ඕනේ. එතුමාගේ නායකත්වයයි මගපෙන්වීමයි තමයි හැමදේටම මුල.
මම දෙවැනි ඉනිමට පිවිසෙන්නේ ලක්සිරි සර් නිසා. සාරංග අයියා එතනින් එහාට මගේ ක්‍රියාකලාපය පැහැදීමට ලක්වෙලා තමයි මේ හැමදේම කරන්න අවස්ථාව දුන්නේ.
මොකද මටයි මයික්ටයි දෙනුවන්ටයි ස්ක්‍රිප්ට් එකෙන් පිට දේවල් කරන්න චාන්ස් එක දුන්නා. හැමෝටම එහෙම ලැබෙන්නේ නෑ. ඒක ගොඩක් වටිනවා.
ලබන අවුරුද්දේ ජනප්‍රියම ටෙලි නාට්‍ය, ජනප්‍රියම නළුවා ඇතුළු හැම සම්මානයක්ම දෙවැනි ඉනිමට ලැබෙනවා. ඒක තමයි අපි කාගෙත් බලාපොරොත්තුව.. එක පවුලක් වගේ අපි. ඉතිං හැමෝවම ආදරයෙන් මතක් කරන්න කැමතියි.

කනිෂ්ක ආදරවන්තයෙක්ද…?
හම්… ඔව් ආදරවන්තයෙක්.

ඉතිං ඒ ආදරවන්තිය ගැනත් කියමු නේද..?
එයා ගැන පස්සේ කතා කරමු නේද..

ආදරේ මොන වගේද දැනෙන්නේ..?
ආදරේ කියන්නේ අමුතුම එකක්.. අම්මා තාත්තාගෙන්, ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරේ එකක්. පෙම්වතියගෙන් ලැබෙන ආදරේ තව එකක්.
මට හොඳ ආදරවන්තියක් ලැබිලා ඉන්නවා. ඉතිං විශ්වාසයෙන් අපිට මේ ගමන යන්න ලේසියි. ගොඩක් නළුවන්ට ගෙදර එද්දි තියෙන ප්‍රශ්න මට නැහැ. මොකද රඟපාලා ගෙදර එද්දි ප්‍රශ්නනම් ඉස්සරහට යන්න අමාරුයිනේ. එයා මම දිහා බලන්නේ රසිකාවියක් විදිහට. මම ගෙදරට කනිෂ්ක, කැමරාව ඉස්සරහ චබී.

ආදරය ඇතුලේ රාගයට කොයි තරම් ඉඩක් වෙන් කරන්න ඕනේද..?
දරුණු ප්‍රශ්නයක්.. හැමදේම බැලන්ස් එකේ තමයි කරන්න ඒනේ.. ඔලුව විකාර කරගන්න හොඳ නෑ.

නිරුවත් දර්ශන තියෙන මියුසික් වීඩියෝ ගැන මොකද හිතන්නේ..?
මමත් ගායකයෙක්.. ඉතිං තවත් ගායකයෙක්ව විවේචනය කරන්න බැහැ මට.. මමත් කලාවට යොමු වුණේ ගායකයෙක් විදිහටයි. ඒවා අම්මලා තාත්තලා ඉස්සරහ බලන්න බැහැ.
ඒත් පොඩි උන් බනවා. ඒකනේ විව්ච් වැඩිම. නැත්නම් ලක්ෂ ගණන් විව්ස් කොහෙන්ද..? මම එතනට වැටෙන්නේ නෑ.. මම හැදුවත් පවුලේ ඕනම කෙනෙකුට එකට ඉඳගෙන බලන්න පුළුවන් දෙයක් තමයි කරන්නේ.. තාත්තා පුතාට හොරෙන් පුතා තාත්තට හොරෙන් බලන වීඩියෝස් හදන්නේ නෑ.. මම මේ විවේචනය කරනවා නෙවෙයි.

ඔබට චතුරිකා පීරිස්, හිමායා බණ්ඩාර හෝ ශනුද්‍රි පියසාද් විවාහ යෝජනාවක් ගෙනාවොත් කාවද විවාහ කරගන්නේ..?
ආයේ කතා දෙකක් නෑ මම ශනුද්‍රිව විවාහ කරගන්නවා. එයාට එකෙන්ම මම කැමතියි.. මොකද ශනුද්‍රි ඒ තරම් තැන්පත් නිහතමානී චරිතයක්. ඉතිං මම එයාට කැමැත්ත දෙනවා.

ඔබ රඟපාන නාට්‍යයක පෙම්වතියගේ චරිතයට කෙනෙක්ව තෝරගන්න කිව්වොත් කාවද තෝරගන්නේ..?
කාව තෝරගන්නද..? ශනුද්‍රිවම තමයි. මොකකද එයත් එක්ක රඟපාන්න හරිම ලේසියි. කලා පවුලකින් ආවත් ශනුද්‍රිගේ කිසිම ලොකුකමක් නෑ.. ශනුද්‍රිගේ අම්මලා තාත්තලා හැමෝම හරිම හොදයි.. මම ඇත්තටම ශනුද්‍රිගේ කැරැක්ටර් එකට හරිම ආසයි.

විවාහ වෙලා ප්‍රශ්න ආවොත් වෙන් වෙන එක ඔබ අනුමත කරනවද..?
අපෝ නෑ.. ඒක හරියන්නේ නෑ.. බඳින්නේ වෙන් වෙන්න නෙවෙයිනේ.. එකට ජීවත් වෙන්නයි බඳින්නේ. ඉතිං ප්‍රශ්න ආවොත් කතා කරලා විසඳගන්න එකයි කරන්න ඕනේ.

මොනවද ඉදිරි බලාපොරොත්තු..?
ඉදිරියේදි මම ඉතිං රිංගන ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව. සිංදු කරනවා.. මට මේ ලැබිලා තියෙන ජනප්‍රියත්වය හරිම වටිනවා.
සාරංග අයියගේ ඉදිරි වැඩවලටත් මාව සම්බන්ධ කරගන්නවා කිව්වා. විදෙස් සංචාරවලට ආරාධනා ඇවිත් තියෙනවා. මේ ටික කරගෙන ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තුව.
දෙරණට හදවතින්ම ස්තූති කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!