Gossip

කුලී නිවසක සිට තම මියගිය පියාගේ සිහිනය සැබෑ කළ සුපිරි පිතිකරු කෝලිගේ ඔබ නොදත් කතාව මෙන්න

විරාත් කෝලි මේ වන විට ලොකයේ අංක එකේ ප්‍රබලම පිතිකරු ලෙස නම්දරා හමාරය.
එක්දින ලකුණු 9366 කෝලි මේ වනවිට ලබාගෙන ඇති අතර ඔහු වර්තාකර ඇති වැඩිම ලකුණු ප්‍රමාණය 235වේ.
ක්‍රිකට් ලොවේ මේ වන විට බැබලෙන කොලි මේ තාක් ආ ගමන නම් එතරම් ලෙහෙසි පහසු ගමනක් නොවේ.
විරාත් කෝලි උපත ලබා ඇත්තේ 1988 නොවෙම්බර් 5 වන දින දිල්ලියේය.
කෝලිගේ පියා ප්‍රේම් කෝලි වන අතර ඔහු නීතීඥයෙකි..මව සරෝජා කෝලී ‍රැකියාවක නිරතවී නැත.
විරාත් කෝලි හට වැඩිමහල් සහොදරයෙක් සහ වැඩිමහල් සහොදරියක් සිටින අතර කෝලි පවුලේ බාලයාය.
ඔහු අවුරුදු 3 දී පටන් ක්‍රිකට් ක්‍රිඩාවට අදර කර ඇති අතර තම ඔහු කුඩා කාලයේ බැට් එක ගෙන තම පියට බොල් කිරිමට කියමින් නිතර ඇවිටිලි කර ඇත.
කෝලි Vishal Bharti පාසලෙන් මුලික අධ්‍යාපනය ලබා තිබෙනවා..
1998 දි කොලී Delhi Cricket Academy ට ඇතුලුවී ඇති අතර එහිදී Rajkumar Sharma ‍යටතේ තවදුරටත් ක්‍රික්ට ක්‍රිඩාව ප්‍රගුණ කිරීමට කෝලිට අවස්ථාව ලැබී තිබෙනවා.
එම කාලයේ දී Delhi Cricket Academy යේ තරග දිනවන ප්‍රධනියා බවට විරාට් කොලී පත්ව තිබෙනවා..
ඉන්පසුව Savier Convent නම් පාසලට කෝලි ඇතුලත්වී ඇති අතර ඔහු පාසල් කාලයේ ක්‍රියාශිලී සහ ඉගෙනීමට සමාන්‍ය දක්ශතාවයක් ඇති සිසුවෙක් බවට කා අතරත් ජනප්‍රිය වී තිබෙනවා.
2006 වසරේදී ඔහුගේ පියා මිය ගොස් තිබුණා.
මෙම කණගාටුදායක සිදුවිම කොලිගේ සිතට තදින් බලපැම් කර ඇති අතර ඔහු මාසයක් පමණ යනතුරු තම කාමරයෙන් පවා ඉවතට යාම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.
ඉන් පසුව කෝලිහට ඉතා අමරු කාලයකට මුහුණ දීමට සිදුවී ඇත.
මුදල් අතින් අගහිකකම් රැසකට කෝලිට මුහුණ දීමට සිදුවූ අතර තම පවුල ජීවත් වන කුලී නිවසේ කුලිය ගෙවීමට පවා අපහසු තත්වයට පත්ව තිබෙනවා.
ඉන් පසුව කොලී සහ ඔහුගේ පවුලේ අය එක්ව පවුලේ ව්‍යාපාරයක් අරඹා නැවත තම පවුල මුදල් අතින් ශක්තිමත් කලාය.
කෝලි පවසන පරිදි ඔහුගේ ජිවිතේ පෙරගමන්කරු වී ඇත්තේ තම පියාය.
සැමදිනකම පුහුණුවීම වල නිරතවන ලෙස ඔහුගේ පියා ඔහුට නිතර අවවාද කර තිබෙන බවත් ඉන්දියාව නියෝජනය කරමින් ජාතික කණ්ඩායමට විරාත් කෝලි ඇතුලුවෙනවා දැකිම ඔහුගේ පියාගේ සිහිනයක් වී තිබෙනවා.
එම සිහිනය සැබෑවක් කරමින් කෝලි මංගල ජාත්‍යන්තර තරගයට තරග වැදි ඇත්තේ ලංකාව සමගය.
2009 දි ලංකාව සහ ඉන්දියාව අතර තරගාවලියක් පවත්වා ඇති අතර එහිදී Sehwag සහ Tendulkar අබාධයකට ලක්වි ඇති අතර ඕපනින් බැට්ස්මන් ලෙස විරාට් කෝලී කණ්ඩායට කැදවා තිබුණා.
එහිදී කෝලි අර්ධ ශතකයක් රැස්කර ගෙන ජාතික කණ්ඩායමේ තම ස්ථානය තහවුරු කරගෙන තිබුණා.
ලොවවටා සිටිනා ප්‍රසිද්ධ කන්තාවන් රැසක් සමග සබඳතා පවත්වා ඇති කෝලි මේ වන විට අනුශ්කා ශර්මා සමග පෙම් සබඳතාවක් පවත්වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!