තරු හුට පට

දුම්රිය දෙකක් එකම පීල්ලේ – අනතුරක් අනුනවයෙන් බේරෙයි (ඡායාරූප)

train

මීට ටික වේලාවකට පෙර මුහුදුබඩ මාර්ගයේ ගිංතොට දී දුම්රිය දෙකක් එකම මාර්ගයේ පැමිණීම නිසා මුහුණට මුහුණ හැපී සිදුවීමට ගිය මහ අනතුරක් අනූනවයෙන් මෙන් ‍වැළකී ගොස් තිබේ.

දුම්රිය පාලක මැදිරිය පැවසුවේ මාතර සිට වවුනියාව බලා යන රජරට රැජිණ දුම්රිය හා මහනුවර සිට මාතර බලා යන දුම්රිය මෙලෙස එකීනෙක ගැටීමට පෙර රියදුරන් එම අනතුර වළක්වා ගැනීමට සමත්ව ඇති බවයි.

එකම පීල්ලේ පැමිණ ඇති මෙම දුම්රිය දෙක අඩි 10 ත් 15ත් අතර පරතරයකදී නතර කර ගැනීමට රියදුරන් සමත්ව තිබේ.

පාලක මැදිරිය පැවසුවේ මෙම දුම්රිය දෙක ගිංතොට දුම්රිය ස්ථානයේදී මාරුවීමට නියමිතව තිබූ බවයි.

එසේ වුවද මාතර බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය ගිංතොට දුම්රිය ස්ථානයේදී සංඥා මගහැර ඉදිරියට ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි එහි ප්‍රකාශකයෙකු පැවසීය.

මේ නිසා මාතර සිට පැමිණෙමින් තිබූ දුම්රියත් ‍කොළඹින් ගිය දුම්රියත් ගිංතොට ධර්මපාල විද්‍යාලය අසළ පාළම ආසන්නයේදී මුහුණට මුහුණ ළංවත්ම නවතා ගැනීමට එහි රියදුරන් සමත්ව තිබේ.

ඒ අනූව මේ ගැන රියදුරන්ගෙන් ලබාගත් ප්‍රකාශ ද මත විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන බව එම නිලධාරියා කියා සිටියේය.

 

 

4 3 2 1

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!