තරු හුට පට

සිල් බිඳගත්තට බනින්නේ ලිංගික කුහකයෝ

nadeesha

 

නදීෂා හේමමාලී කිව්වම දැන් ගොඩාක් අයට මතක් වෙන්නේ මීට සුමාන දෙකකට කලින් අන්තර්ජාලයට එක්කළ ආන්දෝලනාත්මක මියුසික් වීඩියෝවයි.

අදාළ ගීතෙයේ රූප රචනාව වෙනුවෙන් නදීෂා හේමමාලී සජීවී දෙතොල් සිප ගැනීම් කිහිපයක්ම සිදුකර තිබුණු අතර බොහෝ දෙනෙක් නදීෂාගේ රංගනය පිළිකුල් කළා. තවත් අය විවේචනය කරද්දී සමහරුන් ප‍්‍රසංසාත් කළා කියලයි නදීෂා නම් පැවසුවේ.

කොහොමින් කොහොම හරි නදීෂා ආයෙම වතාවක් තමන්ගේ රංගනයට එල්ලවන චෝදනා ගැන වගේම, තමන්ගේ රංගනයට චෝදනා එල්ල කරන මිනිසුන්ගේ මානසිකත්වය ගැනත් පවසා තිබුණේ මේ වීඩියෝව තමන්ගේ ජනප‍්‍රියත්වය වෙනුවෙන් කළ දෙයක් නොවන බවත් මේ හරහා මිනිසුන්ව ආනන්දයෙන් ප‍්‍රඥාව කරා රැගෙන යාම මුලික අරමුණ වූ බවයි.

රංගන ශිල්පීන් එක්තරා නිර්මාණයකට දායක වෙද්දී සීමා මායිම් පනවා ගන්නවා. ඔයා හිතන විදියට ඒක හරිද?

මෙහෙමයි.. එතැනදී එක එක්කෙනාගේ අදහස් වෙනස්. මගේ නිර්මාණයකදී වුණත් මගේ සීමා ඇතුළේ තමයි නිර්මාණය කරන්නේ. මේ   වීඩියෝ එකේදී වුණත් මම මගේ සීමා මායිම්වල ඉඳගෙන තමයි රංගන දායකත්වය ලබා දුන්නේ.

නිර්මානයක අඩ නිරුවත නිරුවත ගැන කතා කරද්දී අපේ සමාජයේ විවෘත නැති ස්වභාවයක් පෙන්න තියෙනවා. මේ ගැන මොකද හිතන්නේ?

එක එක්කෙනාගේ මානසික මට්ටම් වෙනස්. සමහර විට ඒ අයගේ සංස්කෘතිය වෙනස් වෙන්න පුළුවන්. ආත්ම විශ්වාසය, පෞර්ශව කියන දේවල් පවා මෙතනදී බලපානවා.

අපිට වෙලා තියෙන්නේ අපි දුපතකට කොටුවෙලා. අපිත් අපේ සංස්කෘතියට ගරු කරන්න  ඕනේ. දැන් බලන්න අපෙත් සම්භාව්‍ය සිනමාවක් තියෙනවානේ. ඔය සම්භාව්‍ය කියන තැනදී  ඕනේ හෙළුවැල්ලක් පෙන්වන්න පුළුවන් නම්, ඒ අසභ්‍ය දර්ශන බලන්නත් පුළුවන් නම්, ඇත්තටම මෙතැන තියෙන ප‍්‍රශ්නේ මොකක්ද?

අනිත් කාරනය තමයි කිස් එකක් දෙන එක සාහසික වරදක් නෙවෙයි. මේ සමාජයේ අය ඒක මේ තරම් ලොකුවට ගණන් අරන් තියෙන්නේ ඒ අයගේ තියෙන ලිංගික කුහකත්වය නිසා. මේ දේවල් රඳා පවතින්නේ මිනිසුන්ගේ බුද්ධි මට්ටමත් එක්ක.

අනික ඒක නිල චිත‍්‍රපටයක්වත්, අසභ්‍ය චිත‍්‍රපටයක්වත් නෙමෙයිනේ. ගීතයේ පද රචනාවට අනුව ඇතුළත් කරපු දර්ශන තමයි ඒ රූප රචනයේ තියෙන්නේ. ඒ නිසා මේ වීඩියෝව ගැන කාටවත් වරදක් කියන්න බැහැ…

කිසියම් නිර්මාණයක නිරුවත් රංගනයකට අරාධනා කළොත්?

නිරුවත් නෙවෙයි…. කෝටියක් දෙනවා කිව්වත්, මම කතාවත් බලන්න  ඕනේ.. මගේ සීමාවන් ඇතුළේ කරන්න දෙයක් තියෙනවද කියලා බලන්න වෙනවා. මම මගේ රංගන දිවිය තුළ නිර්මාණයකදී කරන්න තියෙන දෙයක් කරන්න මම මැලි වෙන්නේ නැහැ.. නමුත් ඒ නිර්මාණය ඇතුළේ දී මට කරන්න තියෙන්නේ මොනවගේ දෙයක්ද කියන එක නම් මම බලනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!