Life Style

ජීවිතයෙන් සමුගත් තරුණිය නිසා කීර්තිට අපූරු තෑග්ගත් ලැබිලා!

 

චැිනමඇත

පසුගිය සති කිහිපය පුරාම අපේ රටේ විතරක් නෙවෙයි පිටරට ඉන්න අපේ අය අතරේ හුවමාරු වුණු වීඩියෝවක් තමයි කීර්ති පැස්කුවෙල් මහත්මයා අසාධ්‍ය තත්වයෙන් ලෙඩ ඇඳේ ඉන්න තරුණියකට ගායනා කරපු  සිද්ධිය.

මේ ගැන හැමෝම කතාවුණේ ඇය මෙලොවින් සමුගන්න අවසන් මොහොත ඇය කැමතිම ගීත ගායනා කරන්න රෝහලට ගිය කීර්ති පැස්කුවෙල් මහත්මයා මොන තරම් මහත්මා ගුණයෙන් පිරි මිනිස්සුන්ගේ හදවත් වලට කතා කරපු කෙනෙක්ද කියලා ඒ වීඩියෝව බලපු හැමෝටම තේරුණු නිසා.

ඉතින් තමන්ගේ පියා මේ කරපු වැඩේ ගැන ඔහුගේ පුතා හැටියට කසුන් පැස්කුවෙල් වුනත් ගොඩක් සතුටු වුණා. ඒ සතුට වෙනුවෙන්ම ඔහු තාත්තාගේ උපන්දිනයට අපූරු තෑග්ගක් දුන්නා.

ඒ වෙන මොනවත් නෙවෙයි. තාත්තා සින්දු කියපු ඒ වීඩියෝ එකට ලැබුණු හැම වෙබ් අඩවියකම, ෆේස්බුක් පේජ් එකකම තිබුණු කමෙන්ට් ඔක්කොම පොතකට ප්‍රින්ට් කරලා ඔහුට උපන්දිනේදි තෑගි කරන්න මෙයා කටයුතු කළා.

පිටු 100කට වඩා වැඩි ඒ සංවේදී හදවත් වලින් කීර්තිට ස්තූතිවන්ත වුණු වදන් තව ඕනි තරම් තියෙන්න පුලුවන්. ඒත් කවදාවත් තාත්තා කරපු මේ උතුම් කාර්ය ඔහුට වගේම අපේ හදවත් වලත් මතකයේ රැඳේවී.

මේ ඔහුගේ පුතා ඒ පොත තාත්තාගේ උපන්දිනය දවසේ තෑගි කරපු හැටි…

ඒ අතරේ ඔහු මේ වගේ සටහනකුත් තියලා තිබුණා…

පසුගිය දිනක අපගේ පියාණන් මුහුණ දුන් සංවේදී සිද්දිය අහම්බෙන් සමාජ ජාල, වෙබ් අඩවි තුල ප්‍රචාරය වීමෙන් මුළු මහත් රටක් ඔහුට ආචාර දක්වන්නට, ආශිර්වාද පැසසුම් ලබා දෙන්නට විය. මෙසේ ආශිර්වාද පැසසුම් ලබා දුන් ඔබ සැමට අපගේ හදපිරි ස්තුතිය පිරිනමන්නේ ඉතා නිහතමානී ආඩම්බරයක් හිතේ තබාගෙනය. එමෙන්ම එලෙස එක් වචනයකින් හෝ තම ගෞරවය, ආචාරය පුද කල Comments සංක්‍යාව ගණන් කර ගත නොහැක. එමෙන්ම ඒ හැම සටහනක්ම තාත්තාට කියවීමට හැකි නොවුනාද විය හැක.

අප හට සොයා ගැනීමට හැකි වූ උපරිම comments ප්‍රමාණයක් (Facebook pages/ News Sites/ Youtube) ඔබලාගේ නම්ද සහිතව එකතු කර එය මුද්‍රණය කර සිහිවටනයක් ලෙස අදට යෙදී තිබුණු ඔහුගේ උපන්දිනයේදී ඔහුට තිළිණ කලෙමු.

පිටු 100 ආසන්න ප්‍රමාණයක් තිබූ පොතෙහි ඇති සෑම සටහනක්ම ඔහුට වටිනා බව නොඅනුමානය. එමෙන්ම එවන් පැසසුම්, ගෞරවයට පාත්‍ර වන්නට තරම් වූ පියෙක් අපට සිටීම අපගේ ජීවිත වලටද මහත් ආශිර්වාදක්, ආලෝකයක් බව නිසැකය. තාත්තේ… සුභ උපන්දිනයක් …. !!!

 

22222222222222222222222

3333333333333333333333333333333333

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!