තරු හුට පට

අද සිට මංතීරු නීතිය දැඩිවෙයි – නීති කඩ‍කළොත් මොකද වෙන්නේ?

bangaloremoretraffic
මාර්ග නීති කඩකරමින් රිය ධාවනය කරන රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලීසිය විසින් ආරම්භ කළ මංතීරු නීතිය අද සිට දැඩිව ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ අනූව කොළඹට ඇතුළුවන මාර්ග වල සහ විශේෂයෙන් ශ්‍රී ජයවර්ධපුර මාර්ගයේ ජයන්තිපුර සිට කොළඹ දක්වා වූ ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් වැඩි සංඛ්‍යාවක් යොදා තිබෙනවා.

නියමිත මංතීරු වලින් බැහැරව රිය පදවන රියදුරන්ට හා පදිකයන්ට එරෙහිව මෙහිදී නීතිය ක්‍රියාත්මක කෙරෙනවා.

එසේම  වැරදි කරන පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කර නඩු පැවරීමටද නියමිතයි. කොළඹ නගරයේ රථ වාහන තදබදය අඩු කිරීම සහ අනතුරු අවම කිරීම මංතිරු නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමේ අරමුණයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!