තරු හුට පට

අන්තවාදීන් තවත් වීඩියෝවක් මුදාහරී – රුසියාව යළි උණුසුම්

10

සිරියානු දේශ සීමාවේදී පෙරේදා 24 රුසියානු Su-24 ගුවන් යානයක් තුර්කි හමුදා විසින් බිම දැමීමෙන් පසු ලොවපුරා එම සිද්ධිය ඉතා උණුසුම් ලෙස කතා බහට ලක්වුණා  මතක ඇති. මෙම ප්‍රහාරයෙන් අදාළ රුසියානු ගුවන් යානය සිරියානු දේශ සීමාවේ කඳුකර ප්‍රදේශයකට කඩා වැටුණු අයුරුද අන්තර්ජාලයට එක්කළ වීඩියෝවක දැක්වුණා. කොහොම හරි මෙම සිද්ධියත් සමග රුසියාව තරමක් දැඩි ස්ථාවරයක සිටින බවද විදෙස් වාර්තා අනාවරණය කරනවා.

තුර්කි හමුදා ප්‍රකාශ කර තිබුණේ තමන්ගේ දේශ සීමාව උල්ලංඝණය කරමින් පියාසර කළ නිසා එය බිම දැමූ බවයි. එහෙත් රුසියාව අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් අනතුරුව මේවන විට අන්තර්ජාලයට නිකුත් කර ඇති නවතම වීඩියෝවක් ගැනද ලොවපුරා ජනතාවගේ අවධානය යොමුවෙලා. ඒ කිසිදු චලනයකින් තොරව වැතිර සිටින රුසියානු ප‍්‍රහාරක යානා නියමුවකු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැරීමත් සමගයි.

මෙම ගුවන් නියමුවා මියගොස් සිටින බව පැවසෙන අතර  ඔහුගේ මුහුණේ ලේ සහ තුවාල දක්නට ලැබෙනවා. එම ගුවන් නියමුවාගේ සිරුර අසල වටවී සිටින සටන්කාමීන් කිහිපදෙනෙකුද වීඩියෝවේ දක්නට ලැබෙනවා.  ඔවුන් අල්ලා දෙවියන්ට ස්තූතිවන්ත වන අයුරු හා එම ස්ථානයේදීම නියමුවා පුළුස්සා දැමීමට නොහැකිවීම ගැන කම්පාවෙන අයුරුව වීඩියෝවේ දැක්වෙනවා.

කෙසේ වෙතත් රොයිටර් පුවත් සේවය පවසා ඇත්තේ වයඹදිග සිරියාවේ ක‍්‍රියාත්මක වන සටන්කාමීන් කණ්ඩායමක් විසින් මෙම වීඩියෝව පළ කර ඇති බවයි.  මේ අතර පැරෂුට් ආධාරයෙන් ගොඩබැසීමට උත්සාහ කළ රුසියානු නියමුවන්ට වෙඩි තැබූ බව වෙරළබඩ 10වන බි‍්‍රගේඩය නම් කණ්ඩායමේ නියෝජිතයකු වන ජාහෙඞ් අහමඩ් නැමැත්තා පවසා තිබෙනවා. ගොඩබසින විටද එක් නියමුවකු මියගොස් සිටි බවත්, අනෙකා පිළිබඳ මෙතෙක් හෙළිවී නොමැති බවත් ඔහු පවසා තිබෙනවා.

පහත වීඩි‍යෝව බලන්න.

 

 

රුසියානු ගුවන් යානය බිම හෙළු අයුරු පහත විඩියෝව බලන්න

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!