Gossip

කෝ මේ වසන්ත..? ආපු ඉක්මනින්ම වසන්තය යන්න ගියාද..? පිටිය මැද සිංහයන් අසරණ කරමින් ඉන්දියාව ජයලැබූ හැටි

නිදහස් කුසලානයේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඊයේ පැවැත්වුණු තරගය කඩුලු 6 කින් ජයගැනීමට ඉන්දියාව සමත්වුණා.
කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළා.
තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා දෙපිළටම හිමිවුණේ පන්දුවාර 19 ක් පමණයි.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 9 ක් දැවී ලකුණු 152 ක් රැස් කළා.
එහිදී ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතික ලකුණු 17 ක් ලබාගත්තේ ප්‍රවේගකාරී පිතිහරඹයකින්.
ඉන් පසුව අවාසනාවන්ත ලෙස දැවී ගියේ කුසල් ජනිත්.
ඒ කෙලින්ම පන්දුව කඩුල්ලේ වැදීමෙන්.
පසුව ශ්‍රී ලංකා ඉනිමට නව ජීවයක් ලබාදෙමින් මෙන්ඩිස් සහ තරංග අගනා ඉනිමක් ගොඩනැගීමට සමත්වුණා.
උපුල් තරංග දැවී ගියේ V Shankar ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන්.
ඉන් පසුව පිටියට පිවිසි ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා යළිත් ක්‍රීඩා පිටිය දෙවනත් කළා.
තිසර ලකුණු 16 කට දැවී ගියා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ලකුණු 55 ක් රැස් කළේ පන්දු 38 කදී.
ඒ හයේ පහර තුනක් සහ හතරේ පහර තුනක් සමගින්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 17 යි පන්දු තුනකදී කඩුලු හතරක් පමණක් දැවී සිය ජයග්‍රහණය සනිටුහන් කළා.

පන්දු යැවීමේදී අකිල ධනංජය කඩුලු 2 ක් බිදහෙලුවා.
මෙම තුන්කොන් තරගාවලියේ ඉන්දියාව තරග දෙකක් ජයගෙන ඇති අතර ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය එක් තරගය බැගින් ජයගෙන තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!