Gossip

ෆේස්බුක් මහගෙදරින් ගත්තු අලුත් තීරණය මෙන්න

වෛරී සහ‍ ප‍්‍රචණ්ඩත්වය සඳහා පොළඹවන ප‍්‍රකාශ සිය වෙබ් අඩවියෙන් ඉවත් කිරිමට කටයුතු කරමින් සිටින බව ෆේස්බුක් ආයතනය ප‍්‍රකාශ තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පනවා ඇති ෆේස්බුක් අවහිරය සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමින් ෆේස්බුක් ආයතනයේ තාක්ෂණික නිලධාරීන් මේ බව සී.එන්.බී.සී ප‍්‍රවෘත්ති ආයතනය වෙත විද්‍යුත් පණිවිඩයක් මගින් දැනුම් දී ඇති බව වාර්තා වනවා.

ඒ සඳහා ශ‍්‍රී ලංකා රජය සහ රාජ්‍ය නොවන සංවිධාන සමග එක්ව කටයුතු කරමින් සිටින බව ෆේස්බුක් ආයතනය පවසයි.

වෛරී සහ‍ ප‍්‍රචණ්ඩත්වය සඳහා පොළඹවන ප‍්‍රකාශ සම්බන්ධයෙන් පැහැදිලි නීති සිය සමාගම සතුව පවතින අතර ඒ අනුව ඒවා ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බව ෆේස්බුක් ආයතනය පෙන්වා දෙයි.

මේ අතර සමාජ ජාල වෙබ් අඩවි අවහිර කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ ද අවධානය යොමුව තිබෙනවා.

එහි ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ පිළිබඳව සිය කොමිසමට පැමිණිලි කිහිපයක් ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් කඩිනමින් අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවයි.

ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි අවහිර කිරීම සම්බන්ධයෙන් නීතීඥ සංවිධාන ජාතික එකමුතුව ඊයේ දිනයේ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.

කෙසේ වෙතත් දෙරණ 360 වැඩසටහනට ඊයේ(12) රාත‍්‍රී එක්වෙමින් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සදහන් කළේ හදිසි නීතිය හා සමාජ ජාල වෙබ් අඩවි තහනම ඉතා කඩිනමින් ඉවත් කිරීමට රජය කටයුතු කරන බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!