Gossip

රටම කතා කළ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාගේ අනියම් ඇසුර ගැන බිරිඳ ඡායාරූපයක්ද සමඟින් හෙළි කරයි – සියලු තොරතුරු මෙන්න – Photos

තමාව ඝාතනය කිරීමට උත්සහ කළ බව පවසමින් ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ෂාමිගේ බිරිඳ විසින් එරට පොලිසියට පැමිණිල්ලක් දමා තිබෙනවා.
මොහොමඩ් ෂාමිට එක් දියණියක්ද සිටින අතර මෙම පවුල් ප්‍රශ්නය මේ වනවිට ඉන්දීය මාධ්‍ය තුල ප්‍රධාන කතාව බවට පත්ව තිබෙනවා.
මේ සියලු තොරතුරු එළියට පැමිණ තිබෙන්නේ මීට ටික දිනකට පෙර මොහොමඩ් ෂාමිට අනියම් සම්බන්ධයක් ඇති බව කියමින් ඔහුගේ බිරිඳ සමාජජාලා වෙත මුදාහැරිය ඡායාරූපයකිනි.
එම අනියම් ඇසුර පවත්වන කාන්තාවක සමග යෙදුනු කෙටි පණිවුඩ සංවාදයක්ද ඔහුගේ බිරිඳ විසින් දමා තිබුණා.
මෙම පවුලේ ප්‍රශ්නය මත මොහොමඩ් ෂාමි තමාට පහරදීමට ඔහු උත්සාහ කරන බවත් ෂාමිගේ පවුලේ උදවිය තමන්ට නිදිපෙති බොහෝ ලබාදීමෙන් තමාව ඝාතනය කිරීමට උත්සාහ කරන බවත් බිරිඳ විසින් පවසනවා.
ෂාමිගේ සහෝදරයෙකු තමාව දුෂණයට උත්සාහ කළ බවටද ඇය විසින් පැමිණිල්ලේ සටහන් කර තිබෙනවා.
කොල්කටා ජාජව්පූර් පොලීසියට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර එම පොලීසිය මේ වනවිට පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!