Gossip

“මම ආදරය ඉක්මවා ආදරෙයි, මා හට සිටි හොඳම මිතුරියත් ඇයයි” – බොනී කපූර්, ශ්‍රීදේවී වෙනුවෙන් තැබූ සංවේදී සටහන

බොලිවුඩයම කඳුලින් පුරවමින් ශ්‍රීදේවිය පසුගිය පෙබරවාරි 24 වැනිදා රාත්‍රියේ ඩුබායි සුපිරි හෝටලයකදී අවසන් ගමන් ගොස් තිබුණා.
ඇගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පසුගිය 02 වැනිදා සවස සිදුකෙරුණා.
විවිධ කතා මේ මරණය සම්බන්ධයෙන් පැතිරෙද්දි බොනී කපූර් සම්බන්ධයෙන්ද සමහරුන් සැකපල කළා.
කෙසේ වෙතත් බොනී කපූර් විසින් ශ්‍රීදේවියට කොතරම් ආදරේ කළාදැයි හැඟෙන සංවේදී ලිපියක්‌ ලියා ශ්‍රීදේවියගේ භෂ්මාවශේෂ රාමේෂ්වරම් මුහුදේ ඔහු විසින්ම පා කර යවා තිබුණා.

එම ලිපියෙහි සඳහන් වූයේය මෙසේය..

“මාහට සිටිය හොඳම මිතුරිය, බිරිඳ සහ මාගේ ආදරණීය දියණියන් දෙදෙනාගේ සෙනෙහෙබර මව නොසිතූ මොහොතක, නොසිතූ විදිහට අහිමිවීම තුළ මා පත් වූ තත්ත්වය මාහට වචනයෙන් විස්‌තර කළ නොහැකිය.
කුෂි, ජානවී මෙන්ම මාගේ දරුවන් වන අර්ජුන් සහ අංශූකීද ශක්‌තිමත් කුළුණු මෙන් මා සමඟ නැඟී සිටිමින් මාහට ශක්‌තියක්‌වීම මා ලද එක්‌තරා ආශිර්වාදයකි.
අපි සියලුදෙනා එක්‌ව පවුලක්‌ ආකාරයෙන් මෙවන් බැරෑරුම් අවස්‌ථාවක මුහුණ මුහුණ දුන්නා.
පවුලේ අයට, මිතුරන්ට, හිතවතුන්ට සහ ශ්‍රීදේවියගේ හදිසි වියෝව සමඟ ශෝකී වූ රසික රසිකාවියන්ට හදපිරි ප්‍රණාමය පුද කර ගැනීමට මෙය මා අවස්‌ථාවක්‌ කර ගන්නවා.
ලෝකයාට ඇය ඔවුන්ගේ ආදරණීය “චාන්දනී” ය. එසේත් නොමැති නම් ප්‍රතිභා සම්පන්න රංගවේදිනී ශ්‍රීදේවීය.
නමුත් මට ඇය මගේ ආදරය, මගේ මිතුරිය, අපේ ගැහැණු දරුවන්ගේ මව සහ මගේ සහකාරිය ද වේ.
අපගේ දියණියන්ගේ මුළු ජීවිතයම සහ සියලු දෙයම ඇය වේ. කෙටියෙන්ම කියනවා නම් ඇය අපේ පවුල ගමන් කළ අක්‌ෂය විය.
එසේ නම් මම මාගේ ආදරණීය බිරිඳට සහ කුෂි සහ ජානවීගේ ආදරණීය මවට සමුදෙමි.
ගෞරව කරමි. එහෙත් මම අවංක ඉල්ලීමක්‌ කරමි. අපට ඇය වෙනුවෙන් පෞද්ගලිකවම ශෝකවීමේ අවශ්‍යතාවක්‌ තිබෙන බැවින් කරුණාකර එයට ගරු කරන්න.
ඔබට ශ්‍රීදේවිය පිළිබඳව කතා කිරීමට අවැසි නම් ඔබ සහ ඇය අතර තිබෙන ඇගේ සූවිශේෂී මතකයන් පිළිබඳව පමණක්‌ කතා කරන්න. ඇය ඒ තරම් සුවිශේෂී රංගන ශිල්පිනියකි. එයට ආදරය සහ ගෞරව කරන්න.
දැන් මාගේ එකම අරමුණ වී ඇත්තේ මාගේ දියණියන් දෙදෙනා හොඳින් රැක බලා ගැනීම සහ ශ්‍රී නොමැතිව ඔවුන් දෙදෙනා හොඳින් ඉදිරියට රැගෙන යැමයි.
“ශ්‍රී අපේ ජීවිතයයි….”
“ශ්‍රී අපේ සිනහවේ ශක්‌තියයි….”
“මම ආදරය ඉක්‌මවා ආදරෙයි.”
“සමාදානයෙන් සැතපෙන්න මගේ ආදරය…”
“අපගේ ජීවිත ඔබ නොමැතිව කිසි විටෙකත් පෙර මෙන් සමාන නොවනු ඇති…”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!