Gossip

ෆේස්බුක් තහනම ගැන රජය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ගය මෙන්න

මහනුවර ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය නිසා සමාජ මාධ්‍ය ජාලවලට තහනමක් පනවන්න රජය තීරණය කළා.
එය නැවත ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය තවමත් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.
රට තුල ජාතිවාදී ක්‍රියා සහ අසත්‍ය පුවත් පතුරවා හැරීම නැවතී ඇති බවට ආරක්ෂක අංශ රජයට වාර්තා කරන තෙක් අදාල තහනම ඉවත් නොකරන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
තවද හොර පාරෙන් සමාජජාලවලට ඇතුලු වීම ගැනද විමසිල්ලෙන් පසුවන බවත් තහනම ඉවත් කරන දිනයක් නොමැති බවත් යථාකාලයේදී රටේ තත්ත්වය සැලකිල්ලට ගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් සඳහන්.
අසත්‍ය තොරතුරු සමාජගතකිරීමේ භයානක තත්ත්වයක් රට තුල ඇති බව රාජ්‍ය බුද්ධි අංශ වාර්තාවලින් සහ පොලිස් වාර්තාවලින් හෙළිව ඇති බවද වාර්තා වනවා.
මේ සියල්ල සමතයකට පත්වී නැවතත් නිදහසේ අන්තර්ජාලයේ සැරිසරන්න කවුරුත් බලාගෙන ඉන්නවා කියන එකනම් රහසක් නෙවෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!