Gossip

දිවි නසාගන්නා ආකාරය ෆේස්බුක් ඔස්සේ සජීවී ආකාරයෙන් පෙන්වීමට උත්සහ දැරු ඇලේන් කොක්

තමා දිවි නසාගන්නා ආකාරය ෆේස්බුක් ඔස්සේ සජීවී ආකාරයෙන් පෙන්වීමට ප්‍රංශ ජාතිකයකු ගත් වෑයමක් වැලැක්වීමට ෆේස්බුක් ආයතනය කටයුතු කර තිබේ. ඇලේන් කොක් නමැති මෙම 57 හැවිරිදි පුද්ගලයා සුව කළ නොහැකි සහ වේදනාකාරී අසනීපයකින් පෙළෙන්නෙකි.

ඔහු සූදානම් වී ඇත්තේ ආහාර පාන සහ ඖෂධ නොගෙන සිටීම තුළින් ජීවිතය අවසන් කර ගැනීමට සහ එම ක්‍රියාවලිය ෆේස්බුක් ඔස්සේ විකාශය කිරීමටය. මේ අනුව ඔහු පසුගිය සෙනසුරාදා ඔහුගේ අවසන් ආහාර වේල ගෙන ඇති බව සඳහන් විය. ඉදිරි දින කිහිපය ඉතා අසීරු දින කිහිපයක් වනු ඇති බව තමා දන්නා බවත්, නමුත් තමා තීරණයක් ගෙන අවසන් බවත් ඔහු සඳහන් කර තිබිණි.

මෙවැනි රෝගීන්ගේ කැමැත්ත මත යම් රසායනිකයක් එන්නත් කිරීම වැනි ආකාරයකින් ඔවුන්ගේ ජීවිත අවසන් කිරීමේ ක්‍රමයක් ඇතැම් රටවල ක්‍රියාත්මක වෙයි. තමාටද ඒ සඳහා අවසර දෙන මෙන් ඇලේන් කොක් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන්ගෙන් ඉල්ලීමක් කර තිබිණි.

නමුත් ප්‍රංශය තුළ එයට නීතිමය අවසරයක් නොමැති නිසා ජනාධිපතිවරයා එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර තිබේ. නමුත් ඇලේන් කොක් පවසන්නේ දැඩි වේදනාකාරී ජීවිත ගත කරන තමා වැනි අයට ඒ ආකාරයෙන් ජීවිතය අවසන් කර ගැනීම සඳහා ඉඩක් තිබිය යුතු බවයි.

ආහාරපාන සහ ඖෂධ නොගෙන සිටීමෙන් ජීවිතය අවසන් කර ගැනීම ට ඔහු සැලසුම් කර ඇත්තේ එයින් පසුවය. එය ෆේස්බුක් හරහා සජීව ආකාරයෙන් විකාශය කිරීමට ඔහු තීරණය කර තිබුණේ තමාගේ ගැටලුව ගැන සමාජයේ අවධානය යොමු කිරීම සඳහා යයි සඳහන්වේ.

නමුත් ෆේස්බුක් ආයතනය එය වැලැක්වීමට තීරණය කර ඇත්තේ සියදිවි නසා ගැනීම් පෙන්වීමට තමුන් ඉඩ නොදෙන බැව් ප්‍රකාශ කරමිනි. ‘තමා මුහුණ දී සිටින සංකීර්ණ ගැටලුව ගැන අවධානය යොමු කරවීම සඳහා ඇලේන් කොක් මහතා ගත් තීරණයට ගරු කරනමුත්, ඔහුගේ ගිණුම ඔස්සේ කෙරෙන මෙම සජීව විකාශය වැලැක්වීමට, විශේෂඥ උපදෙස් මත අපි පියවර ගතිමු’ යයි ෆේස්බුක් ප්‍රකාශකයකු සඳහන් කර තිබේ. ඇලේන් කොක් පීඩා විඳින්නේ ධමණිවල බිත්ති එකිනෙක ඇලීමේ දුර්ළභ රෝගයකිනි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!