Gossip

විවාහක 20 හැවිරිදි කත රැගෙන ගොස් අතවර කළ 4 දෙනා රිමාන්ඩ්

20 හැවිරිදි විවාහක කතක් ලැගුම්හලකට රැගෙන ගොස් පුද්ගලයන් 4 දෙනකු ඇය දූෂණය කර ඇති අතර අධිකරණයට ඉදිරිපත් කළ එම සැකකරුවන් 4 දෙනා සැප්තැම්බර් 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් ඉන් තිදෙනකු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමටත් රත්නපුර අතිරේක මහෙස්ත‍්‍රාත් දුලාන් වීරවර්ධන මහතා 7 වැනිදා නියම කළේය.

මොවුන් අතරින් පළමුවන සැකකරු වෙරලූප ප‍්‍රදේශයේ වන අතර සෙසු සැකකරුවන් රත්නපුර මිහිඳුගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති

රත්නපුර පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සමන් පාලිත මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේය. පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළ අන්දමට වින්දිත තරුණිය නීත්‍යානුකූලව විවාහයකට ඇතුළු වූ අයෙකි. මාස 6 ක් පමණ පවුල් ජීවිතය ගත කරද්දී තම නැන්දම්මා සමග ඇතිවූ ආරවුලකින් පසු සැමියා අත්හැර සිය දෙමාපියන් සමග ජීවත් වීමට ඇය ආපසු පැමිණ ඇත.

මේ අතර රත්නපුර නගරයට ආසන්න ප‍්‍රදේශයකදී ඇයට පිරිමි ළමයකු හමුවී ඇය ඔහු තම පෙම්වතා (1 වන සැකකරු) බවට පත් කරගෙන ඇත. ඔහු ඇය විවාහ කර ගන්නා බව පැවසුවෙන් ඇය පේ‍්‍රම සම්බන්ධය තහවුරු කරගෙන ඇත. මේ අතර එම පුද්ගලයා ඔහු හඳුන්වාදී ඇත්තේ ගයාන් යනුවෙනි. ඉකුත් 5 දා පස්වරු 3 ට පමණ මෙම පුද්ගලයා වින්දිත කාන්තාවට දුරකථන ඇමතුමක්දී පස්වරු 4.00 ට රත්නපුර බස් නැවතුම්පළට පැමිණෙන ලෙස පවසා ඇත. ඇය පැමිණ ඇති අතර සැකකරු ඇය ති‍්‍රරෝද රියක නංවාගෙන මල්වල ප‍්‍රදේශයේ ලැගුම්හලකට ගෙන ගොස් එහිදී ඇය දූෂණය කර ඇත.

මේ වනවිට වේලාව රාති‍්‍ර 8.30 ට පමණ ඇති අතර ‘‘අම්මලා බලාගෙන ඇති බැවින් ගෙදරට ගිහින් දාන්න’’ යැයි ඇය ඔහුට පවසා ඇත. එහිදී සැකකරු ඇය සමග ලැගුම්හලෙන් එළියට පැමිණ ඇය එහි දමා පැන ගොස් ඇත. මේ අතර ඇය ලැඟුම්හලට පැමිණි ති‍්‍රරෝද රියේ රියැදුරු ඇය ඇගේ නිවසට රැගෙන යන බව පවසා රියට නංවා ගෙන විදුලි ආලෝකය හා ගෘහ භාණ්ඩ කිසිවක් නොමැති ගෙයකට රැගෙන ගොස් එහිදී ඇය දූෂණය කර ඇත. පසුව තවත් පුද්ගලයන් දෙදෙනකු ද ඇයට අතවර කර තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!