Gossip

මැච් එක අස්සේ රැය පහන් කරන්න නිලධාරිනියකට අයුතු යෝජනා කළ පුද්ගලයා මෙන්න – Photos

අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ලොකු පසුබෑමකට ලක්වෙලා තියෙනවා කියන කාරණය ඕනම කෙනෙක්ට දැනෙනවා වගේම ඒක පේන්නම තියෙනවා.

ඒ වගේ මොහොතක ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙකු නිසා අපේ රටේ කීර්තිනාමය නැතිකරපු සිද්ධියක් ගැන අන්තර්ජාලය පුරාම කතා වුණා.

ඒකට හේතුව තමයි සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිටි, තරගාවලියේ රාජකාරී කටයුත්තක නියැලෙමින් සිටි තරුණියක් සිය ට්විටර් ගිිණුමේ තැබූ ප්‍රකාශයයි.
ඇය සඳහන් කර තිබෙන්නේ ඇය සමඟ රැයක් ගත කරන්න ඇරයුම් කළ බවයි.

සිය ජංගම දුරකථනයට පණිවුඩයක් එවා තිබෙන අතර ඇය එය ප්‍රතික්ෂේප කරමින් එම පණිවුඩයද සමඟ ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබුණා.

මේ චෝදනාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙන්නේ අදාල නිලධාරියා ක්‍රිකට් ආයතන නිලධාරියෙකු නොවන බවත් අදාල පුද්ගලයා පෞද්ගලික ආයතනයක මාධ්‍යවේදියෙකු බවයි.
මුනාසා ජිලානි නමැති ක්‍රීඩා නිලධාරිනිය කියා තිබුණේ ශ්‍රී ලංකා නිලධාරියා whatsapp හරහා ඇයට අයුතු යෝජනා ඉදිරිපත් කර කෙටි පණිවුඩ එවූ බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!