Gossip

ක්‍රිකට් කෑවේ කවුද..? බෙහෙත් දෙන්න බැරි දොස්තරගෙන් වැඩක් තියෙනවද..? – මොහොතක් සිතන්න

එක දිගට සිදුවන තරගාවලි පරාජයන් නිසා ක්‍රිඩකයන් මෙන්ම ක්‍රිඩාලෝලින්ද මේ වෙනකොට ඉන්නේ ලොකු කලකිරීමකින්. කාලෙකට කලින් හුඟ දෙනෙක් ආදරය කරපු ක්‍රිකට් ක්‍රීඩාව දැන් හැමෝටම එපාවෙලා.

මෙයට වගකියන්න ඕනේ කවුද..? ඒකට කෙලින්ම ඇගිල්ල දිගු වන්නෙ ක්‍රිකට් පාලක මණ්ඩලයට.

නමුත් ඔවුන් සිදුකරන්නෙ තේරීම් කමිටුව හා ක්‍රිඩකයන්ගෙ වැරදි පවසමින් ඔවුන්ගෙ ගැලවෙන රෙදි වසා ගැනීමයි. ගොඩක් දක්ෂ ක්‍රිඩකයන් එලියෙ ඉන්නවා.

ඇයි ඔවුන්ට අවස්ථාවක් දෙන්නෙ නැත්තෙ. මාලිංග වගේ ලෝකයක් ආදරය කරන ක්‍රිඩකයන්ට ඇයි මේ තරම් කැපිල්ල. කණ්ඩායමේ දක්ෂතම ක්‍රිඩකයන් නිතරම ආබාධ වලට ලක්වන්නේ ඇයි.කණ්ඩායමේ දුර්වලතා සොයාගෙන ක්‍රිඩකයන් උපරිම දක්ෂතා මට්ටමට ගෙන ඒමට පාලක මණ්ඩලය සතුව නිසි ක්‍රියා පටිපාටියක් තියෙනවද..? ක්‍රිකට් දේශපාලනීකරණය වෙලා ද ?

පසුගියදා ලෝක කණ්ඩායම නියෝජනය කල තිසර පෙරේරාගෙ දක්ෂතාවය නිසා ලෝක කණ්ඩායම පාකිස්ථානය පරාජය කළා. නමුත් ශ්‍රී ලංකා පාකිස්ථාන තරග සංචාරයේදි එය සිදු වුණේ නෑ..ටැලන්ට් ක්‍රිඩකයන්ට ටැලන්ට් ටීම් එකක් අප සාදා දිය යුතු නොවේද.

අපි තාමත් නෙක්ස්ට් සංගල මයියල හොයද්දි කෝලිලා එක පිට එක වාර්තා තබනවා. ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය සිය ක්‍රිකට් ක්‍රිඩාවෙ දියුණුව වෙනුවෙන් සිදු කරන දේවලින් හරි අඩක් වත් අපේ රටේ වෙනවාද ?

සිතීම ඔබට බාරයි. නමුත් බෙහෙත් දීමට නොහැකි දොස්තර කෙනෙකුගෙන් වැඩක් තිබෙනවාද ? නීතිය නොදන්නා අගවිනිසුරුවෙකුගෙන් වැඩක් තියනවාද ?

එසේ නම් ක්‍රිකට් ගැසිය නොහැකි ක්‍රිඩකයන් ? ප්‍රශ්නයක් ? ක්‍රිඩකයන් වුවද තම දුර්වලතා හදුනාගෙන නිතරම පුහුණු වීම් කළ යුතුය.

හොදම උදාහරණය සංගක්කාර ඔහු දවසට වැඩියෙනුත් පැය කීපයක් පුහුණුවීම් කළා. ඉන්දියානු කණ්ඩායමේ නායක විරාට් කොලිද එසේමයි. නමුත් අපේ කණ්ඩායමේ කවුද එම කැප කිරීම වර්තමානයේදී සිදු කරන්නෙ ?

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!