Gossip

සැමියා වෙනුවෙන් ඇප වූ ලක්ෂය ගෙවාගන්න බැරිව දරුවන්ගෙන් වෙන්වෙලා  හිරේ යන්න වූ සමන්මලීගේ කතාව

සිය සැමියා වෙනුවෙන් රුපියල් ලක්ෂයක ශරීර ඇප මුදලක් තැබූ බිරිඳකට මාස 06ක කාළයක් සිරගත වීමට සිදුවූ අනුවේදනීය පුවතක් බලංගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පුද්ගලයෙකුට පහර දීමක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ ඇගේ ස්වාමිපුරුෂයා අවස්ථා ගණනාවකදී අධිකරණයට ඉදිරිපත් නොවුණු නිසා ශරීර ඇපය සඳහා අත්සන් කළ බිරිඳව මෙලෙස මාස 06ක කාලයක් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ගම්පොළ ප්‍ර දේශයේ පදිංචිකාරියක් වූ 24 හැවිරිදි සේපාලිකා සමන්මලී මීට වසර කිහිපයකට ඉහතදී බලංගොඩ වෙලේකුඹුර පදිංචිව සිටි නුවන් පුෂ්පකුමාර යන පුද්ගලයා සමග විවාහ වී ඇත්තේ දෙදෙනා අතර හටගත් ප්‍රේම සම්බන්ධයකින් පසුවයි.

කලක් ගත වීමෙන් පසුව මේ දෙදෙනාට දාව පිරිමි දරුවන් දෙදෙනෙකු බිහිවූ අතර මේ වන විට එම දරුවන් වයස අවුරුදු දෙක හා තුන වයස්වල පසුවනවා.

නුවන් පුෂ්පකුමාර යන අය මීට වසරකට පමණ ඉහතදී ප‍්‍රදේශයේ කිසියම් පුද්ගලයකු සමග ආරවුලක් ඇති කර ගත් පසු බළන්ගොඩ පොලිසිය විසින් නුවන් යන අයට විරුද්ධව බළංගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබෙනවා.

නඩු දිනයේදී ඔහුට ඇප නියම වී ඇති අතර ඇපය වූයේ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක්. ඒ අනුව සිය බිරිඳ වූ සේපාලිකා දෙවරක් නොසිතා රුපියල් ලක්ෂයේ ශරීර ඇපය තබා තිබෙනවා.

කාලය මෙසේ ගත වෙද්දී නුවන් රැකියාවක් සඳහා කොළඹ ප‍්‍රදේශයට හෝ වෙනත් ප‍්‍රදේශයකට ගොස් ඇති අතර ඔහු රැකියාවට ගිය දා සිටම මේ දක්වා ආපසු නිවසට පැමිණි නැත. ඉන්න තැනක් ද ඥාතින් හෝ දන්නේ නැත. මේ අතරතුර ඔහුගේ නඩුව කැඳවා තිබුණා. ඔහු අධිකරණයට ඉදිරිපත් නොවූ නිසා ඇපකාරිය වූ සේපාලිකාට කිහිපවරක් අධිකරණයේ පෙනී සිටින්නට සිදුව තිබෙනවා.

කෙසේවෙතත් දිගින් දිගටම සැකකරු අධිකරණය මඟ හැර යෑම හේතුවෙන් අවසානයේ අධිකරණයේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් ශරීර ඇපය තැබූ සේපාලිකාට බන්ධනාගාර ගතවීමට සිදුව ඇති අතර ඇයට එසේ බන්ධනාගාරගත වීමට සිදු වූයේ ශරීර ඇපයට තැබූ රුපියල් ලක්ෂයක මුදල ගෙවා දැමීමට නොහැකි වූ නිසායි.

ඒ අනුව පසුගිය දා දින ඇය කුරුවිට බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා. කිසිම වරදක් නොකළ ඇයට බන්ධනාගාරගත වීමට සිදු වූයේ තම පුරුෂයා පිළිබඳව විශ්වාස කර තැබූ ශරීර ඇපය නිසායි.

ඇය බන්ධනාගාරගත වීමෙන් ඉතා අසරණ තත්වයට පත්ව ඇත්තේ ඔවුන්ගේ කුඩා දරුවන් දෙදෙනාය. එක් දරුවකු මව්කිරි බොන දරුවෙකු බවත් ඥාතීන් පවසා තිබෙනවා.

ඥාතින් ඉල්ලා සිටින්නේ රුපියල් ලක්ෂයේ දඩ මුදල ගෙවා දැමීමට උදව් උපකාර කරන ලෙසයි. ඇතැම් නඩුවල දඩ මුදල් රුපියල් ලක්ෂ ගණනින් ගෙවා දැමීමට මෙරට පුද්ගලයින් මුදල් එකතු කළ අවස්ථා බොහෝ සෙයින් ඇති අතර මේ රටේ දරුවන් සිටින මව්වරුන්ගෙන්, පියවරුන්ගෙන් ඥාතින් ඉල්ලා සිටින්නේ දරු දෙදෙනාගේ නාමයෙන් මෙම මුදල ගෙවා දැමීමට ඉදිරිපත් වන ලෙසයි.

කෙසේවෙතත් මේ වන විට එම සිද්ධිය හේතුවෙන් වයස අවුරුදු දෙක හා තුන වයසේ දරුවන් දෙදෙනාට මවගේත් පියාගේත් සෙනෙහස අහිමි වී තිබෙනවා.

මෙම තත්ත්වය මත දරුවන් දෙදෙනා බලා ගැනීමේ කාර්යය සේපාලිකාගේ මව වන ටී.ඩබ්ලිව්.පී. පද්මාවතී නමැත්තියට පැවරී ඇතත් ඔවුන්ගේ පවුලේ ආර්ථික තත්ත්වයද ඉතා පහළ මට්ටමක පවතිනවා. ඇයද මෙම දරුවන් දෙදෙනා සමග කුලී නිවසක මේ වන විට ජීවත් වනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!