Gossip

බොලිවුඩයම කඳුලින් පුරවමින් නොඑන ගමන් ගිය ශ්‍රී දේවී අවසන් මොහොතේ කැමරාවට හසුවුණු හැටි – වීඩියෝ

ඉන්දීය සිනමාවට නොමැකෙන මෙහෙවරක් ඉටු කළ ශ්‍රී දේවී කපූර් ඊයේ අවසන් ගමන් ගියා.
ඇය මියයන විට 54 වැනි වියේ පසුවුණා.
ඩුබායිහි පැවැත්වුණු විවාහ මංගල උත්සවයකට සහභාගී වෙමින් සිටියදී හෘදයාබාධයක් ඇතිවීමෙන් ඇය ජීවිත ගමනට සමුදුන්නා.
දශක පහක් සිය සුපිරි රංගනයෙන් බොලිවුඩය වර්ණවත් කළ ශ්‍රී දේවී උපත ලැබුවේ මදුරාසි නුවරදීයි.
ශ්‍රී අම්මා යංගාර් අයියප්පන් නම ඇගේ මුල්නම වුණා.
නමුත් ඇය ලෝක පූජිත සුපිරි තාරකාවක් වුණේ ශ්‍රී දේවී නමින්.
අවුරුදු 4 දී සිනමාවට පිවිසි ඇය හින්දි, දමිළ, තෙලිඟු, මලයාලම් සහ කන්නඩ චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබාදුන්නා.
ඇය ෆිල්ම්ෆෙයාර් සම්මාන 5 කින් පිදුම් ලබා තිබෙනවා.
චිත්‍රපට 150 කට වැඩි ප්‍රමාණයක් සඳහා ශ්‍රී දේවී රංගනයෙන් දායකවී තිබුුණා.
ඉන්දීය රජය විසින් සිවිල් පුරවැසියෙකුට පිරිනමන සිව්වන ඉහළම සම්මානය වන පද්මශ්‍රී සම්මානයෙන්ද ඇය පිදුම් ලැබුවා.
චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන බොනී කපූර් සමඟ විවාහ වී සිටි ශ්‍රී දේවී දරුවන් දෙදෙනෙකුට ආදරණීය මවක් වුණා.
ඩුබායිහි පැවැත්වුණු පවුලේ ඥාතියෙකුගේ විවාහ උත්සවයට සහභාගී වී සිටින අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙලෙසින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!