Gossip

“මම හිතන්නේ හරි කාලේදී මට හැමදේම හරි විදිහට ලැබුණා. එයා එහෙම කිසිම බලපෑමක්‌ කරන කෙනෙක්‌ නෙමෙයි”

පුංචි තිරයෙන් රසික හදවත් දිනාගෙන ඉක්මනින්ම ජනප්‍රියත්වයට පත්වුණු රංගන ශිල්පිනියක් තමයි නිපුණිකා හේවාගමගේ කියන්නේ.
ඇය මේ වෙද්දි ක්ෂේත්‍රයේ තම නම ඉහළින්ම තබා අවසන්.
නිපුණිකා ඇගේ රංගන ජීවිතයට විවාහයෙන් පසු සමු දෙනවා කියලා ආරංචි වෙනවා.
ළඟදිම යුගදිවියට පාතබන්න සූදානමින් ඉන්න නිපුනිකා ඇගේ ඉදිරි ජීවිතය ගැන වගේම පෙම්වතා ගැනත් මේ විදිහට කියලා තිබුණා.

මේ දවස්‌ ටිකේ ටිකක්‌ නිදහසේ ඉන්නවා වගේ?
ඔව්… මේ ටිකේ ඇත්තටම ටිකක්‌ නිවාඩුවේ ඉන්නවා. මේ දවස්‌වල වැඩිපුරම හඬකැවීම් සඳහා තමයි දායක වෙන්නෙ.

රියැලිටි වැඩසටහනකටත් සම්බන්ධ වෙන්න යනවා කියලයි ආරංචියි?
ඔව්… රියෑලිටි වැඩසටහනක්‌ සඳහා අරාධනා ලැබුණා. ඒකත් පටන් ගන්න සූදානමින් ඉන්නවා.

චිත්‍රපට සඳහා සම්බන්ධ වුණේ නැද්ද?
ආරාධනා ලැබුණා. මං හිතන්නේ අප්‍රේල් මාසය වගේ වෙද්දී රූපගත කිරීම් ආරම්භ වේවි.
ටෙලිනාට්‍ය නම් පහක්‌ විතර එන්න තියෙනවා. මේ දවස්‌වල ටෙලිනාට්‍ය දෙකක රූගත කිරීම් කරගෙන යනවා.

වේදිකා නාට්‍යවලට ?
පහුගිය කාලයේ නම් ඇත්තටම ඉඩක්‌ ලැබුණේ නැහැ. ඉස්‌සරහට හොඳ වේදිකා නාට්‍යයකට ආරාධනා ලැබුණොත් හිතලා බලනවා.

ඉස්‌සරහට කරන්න හිතාගෙන ඉන්න විශේෂ දේවල්?
එහෙම විශේෂ ලොකු බලාපොරොත්තු නැහැ. කාලෙකට කාර්යබහුල වෙනවා. කාලෙකට එහෙම නැහැ. ඉතින් මේ ටිකේ තරමක්‌ නිවාඩු පාඩුවේ කාලය ගත කරනවා.

කාලෙකට වැඩ අඩු වෙන්න හේතුව මොකක්‌ද?
මම කරන වැඩවලට කොහොමටත් සාධාරණ මිලක්‌ අය කරනවා. අනිත් දේ ක්‌ෂේත්‍රයට ආව මුල් කාලයේ ඉඳන්ම මට හොඳ අධ්‍යක්‌ෂවරු හොඳ නිෂ්පාදකවරු යටතේ වැඩ කරන්න අවස්‌ථාව ලැබුණා.
ඒ වගේම අපේ ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් එක්‌ක වැඩ කරන්න මට වාසනාව ලැබුණා.
ඒ වගේම මගෙන් පස්‌සේ ක්‌ෂේත්‍රයට ආව අයත් ගොඩක්‌ දක්‌ෂ අය නැත්නම ඉතින් මේ ක්‌ෂේත්‍රයේ ඉන්න බෑනේ නේද?.
ඉතින් සමහර අය මට කැමැති ඇති, තවත් සමහර අය අලුත් අයට කැමැති ඇති.
ඒක එහෙම තමයි ඉතින් නේද? එකම දේ මට තවමත් ආරාධනා ලැබෙනවා හොඳ නිර්මාණවලට. අනික මම කවදත් මගේ සීමාවේ ඉඳන් වැඩ කරපු කෙනෙක්‌. කොහොම වුණත් ප්‍රේක්‌ෂක ආදරය නම් තවමත් මට එදා වගේම නොඅඩුව ලැබෙනවා.

රියෑලිටි වැඩසටහන්වලට රංගන ශිල්පිනියන් එකතු වෙන්නේ වැඩ අඩු කාලවලටද?
මම නම් එහෙම හිතන්නේ නෑ. මොකද රියෑලිටි වැඩසටහන් කියන්නේ රංගන ශිල්පිනියන්ට රංගනයට අමතරව තව දක්‌ෂතා පෙන්වන්න පුළුවන් තැනක්‌. ඉතින් මගේ පළමුවැනි රියෑලිටි අත්දැකීම පිළිබඳවත් මම හිතන්නේ ඒ විදිහට.

පසුගිය කාලයේ දේශපාලනයට සම්බන්ධ වෙලා හිටියා නේද?
නැහැ. මම දේශපාලනයට සම්බන්ධ වෙලා හිටියේ නැහැ. ඒක වැරදි තොරතුරක්‌ ප්‍රචාරය වීමක්‌.

ඉස්‌සරහට එහෙම සම්බන්ධ වෙන්න අදහසකුත් නැද්ද?
අපෝ නැහැ.

විවාහය කවදද?
තාම ඉතින් හරි ප්ලෑන් එකක්‌ නෑ.

පෙම්වතා ලංකාවට ආවට පස්‌සේ නිපුනිකාව හොයා ගන්නවත් නෑනේ?
අනේ නෑ… එයා ලංකාවට ඇවිත් මාස තුන හතරක්‌ වෙනවා. එයාගේ තව වැඩ කිහිපයකට රට ගිහින් ඉඳලා තමයි ආවේ.

ඔබ පෙම්වතා පිළිබඳ වැඩි කතාබහක්‌ නෑ නේද?
මම කොයි වෙලාවකවත් මට පෙම්වතෙක්‌ නෑ කියලා බොරු කියලා නෑ. මම කියලා තියෙනවා මට පෙම්වතෙක්‌ ඉන්න බව. ඔහු වැඩිය කැමැති නෑ ඔහු ගැන දේවල් කතා කරනවාට. අනිත් එක එයා ක්‌ෂේත්‍රයට කොහෙත්ම සම්බන්ධ නැති කෙනෙක්‌.

ඔහු නිතර විදෙස්‌ගත වන නිසා විවාහයෙන් පස්‌සේ ඔබටත් විදෙස්‌ගත වෙන්න වේවිද?
ඔව් ඉතින්…. ඕනෑම යුවතියක්‌ මුල් තැන දෙන්නේ විවාහයටනේ.
එහෙම විදෙස්‌ගත වෙන්න වුණොත් මම ඔහු සමග විදෙස්‌ගත වෙනවා.

එතකොට කලා කටයුතුවලට මොකද වෙන්නෙ?
කලා වැඩ කටයුතු නතර කරන්න තමයි ඉතින් වෙන්නෙ.

දුක නැද්ද?
දුකයි. ගොඩක්‌ දුකයි. මොකද කලා ක්‌ෂේත්‍රයේ වැඩ කටයුතු කරපු කෙනෙකුට ඒකෙන් දුරස්‌ වෙලා ඉන්නවා කියන්නේ හරිම අමාරු දෙයක්‌.
අහම්බෙන් මට ක්‌ෂේත්‍රයට එන්න ලැබුණා. එදා ඉඳන් මට හොඳ නිර්මාණවලට දායක වෙන්න අවස්‌ථාව ලැබුණා.
කරන දේ හරියට කරලා මං එකෙන් ලොකු තෘප්තියක්‌ ලැබුවා. අන්තිමට ඒක දැන් මගේ වෘත්තීය වෙලා. මං හිතන්නේ හරි කාලේදී මට හැමදේම හරි විදිහට ලැබුණා. යම් යම් කාලවලදී අපිට යම් යම් කැපකිරීම් කරන්න වෙනවනෙ.

මේ ඔබේ පෙම්වතාගේ ඉල්ලීමක්‌ද?
එයා එහෙම කිසිම බලපෑමක්‌ කරන කෙනෙක්‌ නෙමෙයි. කොහොමත් තාම කිසිම දෙයක්‌ තීරණය කරලාත් නැහැ.
බලමු ඉතින් ඉස්‌සරහට. ඒ වුණාට ඉතින් මං හිතන්නේ කාන්තාවක්‌ කියන්නේ නිතරම වැඩිපුර කැපකිරීම් කරන කෙනෙක්‌නෙ. ඉතින් යම් කිසි දෙයක්‌ තීරණය කරනවා නම් කරන්න වෙන්නේ මගේ පැත්තෙන්.

මනාලියක්‌ වෙන දවසට කොයි විදිහට සැරසෙන්නද හිතාගෙන ඉන්නෙ?
නිරූපණය සඳහා මම මනාලියක්‌ විදිහට සෑහෙන්න අවස්‌ථාවලදී සැරසිලා තියෙනවා.
ඉතින් ඒ නිසා මම මනාලියක්‌ වෙන දවසට වෙනස්‌ම විදිහකට සැරසෙන්නයි කැමැති.

ඉස්‌සරහට මොනවද කරන්න හිතාගෙන ඉන්නෙ?
ව්‍යාපාරයක්‌ කරන්න පුංචි අදහසක්‌ තියෙනවා. ඒත් තාම ඒ ගැන ලොකුවට හිතලා නැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!