Gossip

අද තණතිල්ල කැන්ගරුවන්ට සුභ නෑ – කණ්ඩායම් ‍දෙකම දඟ පන්දුව ශක්තිමත් කරයි

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ තුන්වන තරඟය අද ආරම්භ වනවා.

ඒ ඇඩිලේඩි ඕවල් පිටියේදීයි.

තරඟ 03කින් සමන්විත තරඟාවලියේ ශ්‍රී ලංකාව මේ වන විටත් පළමු තරඟ දෙකම ජයගෙන තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු වන නිරෝෂන් දික්වැල්ලට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් තරඟ දෙකක තහනමක් පනවා තිබෙනවා.

එයට හේතුව දෙවැනි තරඟයේදී දැවීයාමෙන් පසු විනිසුරු තීරණයට අප්‍රසාදය පළ කිරීම නිසායි.

මේ අනුව උපුල් තරංග සමග ඩිල්ෂාන් මුණවීර ඉනිම ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

අද ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් විදියට උපුල් තරංග, කුසල් මෙන්ඩිස්, ඩිල්ෂාන් මුණවීර, චාමර කපුගෙදර, අසේල ගුණරත්න, මිලින්ද සිරිවර්ධන අද තරඟයට ක්‍රීඩා කරනවා.

ඇඩිලේඩි ඕවල් ක්‍රීඩාංගණය පිතිකරුවන්ට එතරම් සහයක් නොදක්වන නිසා කණ්ඩායම් දෙකම සිය දඟ පන්දු යැවීමේ බලඇණිය ශක්තිමත් කිරීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව දෙවැනි තරඟයට ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වෙනසක්ද සිදුවෙලා තියෙනවා. ඒ දඟ පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පා කණ්ඩායමට කැඳවිමට තීරණය කර තිබීමයි. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ වමත් දඟපන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් ද කැඳවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

පළමු තරඟ දෙකේදීම විශිෂ්ඨ පිතිහරඹයක නිරතවූ අසේල ගුණරත්න ගැන මේ තරඟයේත් හැමෝගෙම විශේෂ අවධානයක් යොමු වෙලා තියෙනවා.

මීට පෙර ඕස්ට්‍රේලියානු කණ්ඩායම, එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම් සමග විස්සයි විස්ස තරඟ 02කට මුහුණ දී ඇතත් එම තරඟ 02ම පරාජය වී තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!