Gossip

ශූරයන්ගේ කුසලානයේ ශ්‍රී ලංකාව තැබූ අරුම පුදුම වාර්තාව මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඊයේ (8) ICC චැම්පියන්ස් කුසලානයේ පෙරළියක් කරමින් වාර්තා ගත ජයග්‍රහණයක් හිමිකරගනු ලැබුවා. ඒ ඉන්දියාවට එරෙහිව වන අතර ලකුණු 321 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් සියළුදෙනා ඉන්දීය පන්දු යවන්නන්ට දක්ෂ ලෙස පහරදෙමින් සාර්ථකව ලකුණු 322ක් රැස් කිරීමට සමත් වුණා.

මෙම ලකුණු ප්‍රමාණය ICC චැම්පියන්ස් කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් හඹා ගොස් ජයග්‍රහණය කළ වැඩිම ලකුණු ප්‍රමාණය වන අතර ඒ අනුව එහි වාර්තාව ශ්‍රී ලංකා පිළට හිමිව තිබෙනවා.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ එංගලන්තය වන අතර ඔවුන් මෙම චැම්පියන්ස් කුසලාන තරඟාවලියේදී බංග්ලාදේශය රැස් කළ ලකුණු ප්‍රමාණයට එරෙහිව ලකුණු 308ක් ලබා ගැනීමට සමත් වුණා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!