Gossip

පණූවන් සමඟ කෑම වික්කාට උසාවි යන්නවෙයි

3
සනීපාරක්ෂාවට අහිතකර අන්දමින් මුළුතැන්ගෙයි පවත්වාගෙන යාමේ චෝදනාවටක් සම්බන්ධයෙන් කොළඹ 10. ටී.බී ජයාමාවතේ ආපනශාලාවක හිමිකරුවෙකුට ලබන සිකුරාදා උසාවිය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම්දී තිබේ.

එම ආපන ශාලාවේ පිසිනලද ආහාරවල අපිරිසිදුභාවය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනූව  කොළඹ මහනගර සභාවේ ප්‍රධාන ආහාර පරීක්ෂක එම්.බී ලාල් කුමාර මහතා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කණ්ඩායමක් විසින් එම ස්ථානය අද දහවල් පරික්ෂා කරන ලදී.

එම අවන්හලේ පිසින ලද අහාර පාර්සල්වල තිබී පණුවන් හමුවීමත් සමග එය වැඩිදුරටත් පරික්ෂාවට ලක් කළ අතර එහිදී ආපන ශාලාවේ මුළුතැන්ගෙය ඉතා අපිරිසිදු ආකාරයෙන් පවත්වාගෙන යන බව අනාවරණය විය.

ඒ අනූව කෑම පාර්සල්වල තිබී හමුවූ සැකකටයුතු දෑ ගැන පරීක්ෂණ කිරීම සඳහා එම ආහාර පාර්සල්වල සාම්පල නාගරික රස පරීක්ෂකට හා නාගරික අනුජීව විද්‍යාගාරයට යවා වාර්තාවක් ලබා ගැනීමටද පියවර ගැනිණ.

ඒ අනූව ආපන ශාලාවේ මුළුතැන්ගෙය සනීපාරක්ෂාවට අහිතකර අන්දමින් පවත්වාගෙන යාම චෝදනාව මත කඩහිමියාට ලබන සිකුරාදා  (02) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම්දී ඇත.

ඉහත ඡායා රූපය මෙම පුවතට අදාළව පළ කරන්නකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!