Gossip

ජනාධිපති නිල වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක් එල්ල කළ සිසුවා A9 ක් ලබා ගත් බ්‍රයිටෙක්ලු

cvr

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළුවීම හෙවත් ‘හැක් කිරීම’ සම්බන්ධයෙන් සැකපිට 17 හැවිරිදි පාසල් සිසුවකු කඩුගන්නාවේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගනු ලැබූ ශිෂ්‍යයා වැඩිදුර ප්‍රශ්න කිරීම පිණිස කොළඹට රැගෙන එනු ලබන බවත්  නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවිය (president.gov.lk) දින දෙකක් ඇතුලත දෙවතාවක් හැක් කිරීමේ අරමුණ කවරක්දැයි ඔහුගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

බ්‍රහස්පතින්දා සවස වෙබ් අඩවිය හැක් කිරීමෙන් අනතුරුව පාසල් ශිෂ්‍යයන් ආණ්ඩුවට කරන ඉල්ලීමක් මෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ වෙත නිකුත් කෙරුණු උපදෙස් කිහිපයක්ද ‘හැකරුන්’ විසින් සිංහල භාෂාවෙන් එහි ප්‍රකාශයට පත් කර තිබුණි.

පැය කිහිපයක් ඇතුලත වෙබ් අඩවිය යථා තත්වයට පත්කරන ලද නමුත් යළිත් වරක් සිකුරාදාත් හැකරුන් එහි ඇතුල්වීම හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු වෙබ් අඩවිය ඉරිදා යළි විවෘත කෙරිණ.

පරිගණක සම්බන්ධ චෝදනා පිළිබඳව කටයුතු කරන නීති විධිවිධාන ප්‍රකාර සැකකරුට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිත බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා  පැවසීය.

මීට ඉහතදීත් වෙබ් අඩවි ගණනාවක අනවසරයෙන් ඇතුළුවීම පිළිබඳව සැකකාර පාසල් ශිෂ්‍යයාට චෝදනා එල්ල වී තිබෙන බවත් වාර්තා වේ.

මීට අමතරව එම පාසල් සිසුවා සාමන්‍ය පෙළ විභාගයේ විෂයන් සඳහා A9 ක් ලබාගත් බවද වෙබ් මාධ්‍ය වාර්තා අන්තර්ජාලය ඔස්සේ පළකර තිබුණි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!